ජාත්‍යන්තර සංවිධානාත්මක අපරාධවලට එරෙහිව සටන් කිරීමට එක්වන ලෙස චීනය ජාත්‍යන්තර ප්‍රජාවෙන් ඉල්ලා සිටී
2023-12-08 10:43:49
Share with:

සහයෝගීතාව ශක්තිමත් කර අන්තර්ජාතික සංවිධානාත්මක අපරාධවලට එරෙහිව ඒකාබද්ධව සටන් කරන ලෙස චීනය ජාත්‍යන්තර ප්‍රජාවෙන් ඉල්ලා සිටී. එක්සත් ජාතීන්ගේ සංවිධානයේ චීන නිත්‍ය නියෝජිත Zhang Jun මහතා ඊයේ(7) එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලයේ අන්තර්ජාතික සංවිධානාත්මක අපරාධ පිළිබඳ විවෘත විවාදයේදී අදහස් දක්වමින් මේ බව පැවසීය.

වර්තමානයේදී අන්තර්ජාතික සංවිධානාත්මක අපරාධ සම්බන්ධතා සහ අපරාධ ක්‍රමවල සංකීර්ණත්වය සහ වෘත්තීයභාවය නිරන්තරයෙන් උත්සන්න වෙමින් පවතින බවත්, ඒවා ත්‍රස්තවාදය සමඟ බද්ධ වී ඇති බවත්, හානි සහ එහි බලපෑම් නිරන්තරයෙන් පුළුල් වන බවත් Zhang Jun මහතා පැවසීය. අන්තර්ජාතික සංවිධානාත්මක අපරාධ කිසිදු ජාතික අවශ්‍යතාවක් ඉටු නොකරන බවත්, අන්තර්ජාතික අපරාධ මැඩලීමේදී සෑම රටක්ම තම වගකීම් ඉටු කළ යුතු බවත් හෙතෙම පැවසීය. අන්තර්ජාතික සංවිධානාත්මක අපරාධවලට එරෙහි එක්සත් ජාතීන්ගේ සම්මුතියට චීනය සැමවිටම වැදගත් දායකත්වයක් සපයන අතර පක්ෂපාතී වෘත්තිකයෙක් සහ ක්‍රියාකාරිකයෙක් ලෙස තම කාර්යභාරය ඉටුකරයි. සංකීර්ණ සහ එකිනෙකට බැඳී ඇති ආරක්ෂක අභියෝගවලට ඵලදායී ලෙස ප්‍රතිචාර දැක්වීමට සහ ලෝකයේ දිගුකාලීන සාමයක් ළඟා කර ගැනීම සඳහා උත්සාහ කිරීමට චීනය සියලු පාර්ශව සමඟ අත්වැල් බැඳගෙන ඉදිරියට යනු ඇතැයි Zhang Jun මහතා වැඩිදුරටත් පැවසීය.

ගුවන් විදුලිය
20240506සඳුදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම