මෙරට නිෂ්පාදිත තේවල ගුණාත්මක භාවය තහවුරු කිරීම සඳහා විශේෂ වැඩපිළිවෙලක්
2023-12-08 17:13:15
Share with:

මෙරට නිෂ්පාදිත තේවල ගුණාත්මක භාවය තහවුරු කිරීම සඳහා ක්‍රියාත්මක කෙරෙන B-60 ප්‍රතිපත්තිය ජනවාරි 01 වැනිදා සිට අනිවාර්ය කිරීමට පියවර ගන්නා ලෙස කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර මහතා තේ කර්මාන්තය සම්බන්ධ සියලු අංශවලට උපදෙස් දෙයි.

B-60 ප්‍රතිපත්තිය යනු තේ නිෂ්පාදනය කිරීමට යොදා ගන්නා දළුවලින් අවම වශයෙන් සියයට 60ක්වත් ඉහළ ගුණාත්මකභාවයෙන් යුක්ත විය යුතුය යන්නයි.

තේ කර්මාන්තයට අයත් සියලු අංශවල නියෝජිතයින් සමග අමාත්‍යවරයා ශ්‍රී ලංකා තේවල ගුණාත්මකභාවය තහවුරු කිරීම සඳහා ගත යුතු ඉදිරි පියවර සම්බන්ධව පසුගියදා සාකච්ඡා කර තිබේ.

ශ්‍රී ලංකා තේ සඳහා ජාත්‍යන්තර වෙළෙඳපළෙහි ඇති උසස් පිළිගැනීම වර්ධනය සඳහා තේ දළුවල උසස් ප්‍රමිතිය සහතික කිරීමට B-60 ව්‍යාපෘතිය ආරම්භ කර තිබේ.

ගුවන් විදුලිය
20240502බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම