චීනය සහ සිංගප්‍පූරුව නිදහස් වෙළඳ ගිවිසුම තවදුරටත් වැඩිදියුණු කරයි
2023-12-08 10:42:45
Share with:

නිදහස් වෙළඳ ගිවිසුම තවදුරටත් උත්ශ්‍රේණිගත කිරීම සඳහා චීනය සහ සිංගප්පූරුව පියවර ගනී.

දෙරටේ රජයන් අතර පසුගියදා ඒ සඳහා ගිවිසුමක් අත්සන් තැබිණ. වඩා පුළුල් වෙළඳ අවකාශයක් සැපයීම සඳහා, සෘණ ලැයිස්තු ආකෘතියෙන් දෙරට එම ගිවිසුමේදී සේවා හා ආයෝජන විවෘත කිරීමේ පොරොන්දුවක් සපයා ඇත. ඩිජිටල් ආර්ථිකය ඇතුළු නව ක්ෂේත්‍රවල සහයෝගිතා තවදුරටත් පුළුල් කිරීම දෙරට එකඟතාවකට පැමිණ තිබේ.

අන්තර් ශාන්තිකර හවුල්කාරිත්වය සඳහා විස්තීරණ සහ ප්‍රගතිශීලී ගිවිසුමට එක් වීම සඳහා එම ගිවිසුම වඩාත්ම ශක්තිමත් පදනමක් ලබා දෙන අතර, එම ගිවිසුම දෙරටේ සේවා වෙළඳාම හා ආයෝජන සහයෝගිතාව ප්‍රවර්ධනය කරනු ඇති බව චීන වාණිජ අමාත්‍යංශය පවසයි. එම ගිවිසුම කඩිනමින් බලපැවැත්වීම සඳහා දෙරට අදාළ අවශ්‍ය නීති පියවර කඩිනමින් සම්පූර්ණ කරනු ඇති බව ද ප්‍රකාශ කෙරිණ.

ගුවන් විදුලිය
20240501බදාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම