24වන චීන යුරෝපා සංගම් නායකයින්ගේ හමුව චීන අගමැති, යුරෝපා කවුන්සිලයේ සභාපති හා යුරෝපා කමිටු සභාපතිනියගේ ප්‍රධානත්වයෙන්
2023-12-08 11:22:06
Share with:

චීන අගමැති ලී ච්‍යං මහතා, යුරෝපා කවුන්සිලයේ සභාපති Charles Michel මහතා හා යුරෝපා කමිටු සභාපතිනි Ursula von der Leyen මහත්මිය 24වන චීන යුරෝපා සංගම් නායකයින්ගේ හමුවේ මුලසුන දරති. එම හමුව ඊයේ(7) බෙයිජිංහිදී පැවැත්විණ.

විපර්යාසයන් හමුවේ අඛණ්ඩව පවත්වා ගෙන යා යුතු ‘නිශ්චිතබව’ හඳුනා ඒවායේ නියැළී සිටිය යුතු බව චීන අගමැතිවරයා එහිදී පෙන්වා දෙයි. චීන යු‍රෝපා සංගම් සම්බන්ධතාවයේ නිවැරදි දිශානතිය පාලනය කිරීම උදෙසා, සංවාද, සහයෝගතා හා සාමකාමී යහපැවැත්ම පවත්වාගෙන යමින් එකිනෙකාට එදිරිවීම්, විසංයෝජනය හා ගැටුම්වලට එරෙහි විය යුතු බව ඔහු කීය. වෙළඳපොලේ මූලික උපමාන උල්ලංඝනය කිරීම්වලට විරුද්ධ වන චීනය ආර්ථික හා වෙළඳ ගැටළු දේශපාලනීකරණය හෝ ආරක්ෂකකරණයට විරුද්ධ වේ. යුරෝපා සංගමය සීමා කිරීමේ ආර්ථික හා වෙළඳ ප්‍රතිපත්ති හා වෙළඳ ආරක්ෂණ විධිවිධාන සුපරීක්ෂාකාරීව යොදා ගත යුතුය. මේ අතර වෙළඳ හා ආයෝජන වෙළඳපොලේ විවෘතභාවය පවත්වා ගෙන යනු ඇතැයි බලාපොරොත්තු වන බව ද ලී ච්‍යං මහතා සඳහන් කළේය.

චීනයේ විශ්වසනීය හවුල්කරුවෙකු වීමට යුරෝපා සංගමය කැමැත්තෙන් සිටින බවත් අනවබෝධය අවම කොට චීනය සමග අන්‍යෝන්‍ය අවබෝධය වැඩිදියුණු කිරීමට අපේක්ෂා කරන බවත් Charles Michel මහතා හා Ursula von der Leyen මහත්මිය ප්‍රකාශ කළහ. ගෝලීය අභියෝගයන්ට මුහුණ දෙමින් ලෝක සාමය හා සමෘද්ධිය ප්‍රවර්ධනය කිරීමට චීනය සමග එක්ව කටයුතු කරනු ඇතැයි ඔවුහු සඳහන් කළහ.

ගුවන් විදුලිය
20240501බදාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම