මෙරට මුහුදු සීමාව තුළ අනවසර ධීවර කර්මාන්තයේ යෙදුණු ඉන්දීය ධීවර යාත්‍රා 04ක් සමග ඉන්දීය ධීවරයින් පිරිසක් අත්අඩංගුවට
2023-12-08 17:11:10
Share with:

මෙරට මුහුදු සීමාව තුළ අනවසර ධීවර කර්මාන්තයේ යෙදුණු ඉන්දීය ධීවර යාත්‍රා 04ක් සහ ඉන්දීය ධීවරයන් 21 දෙනෙකු නාවික හමුදා භාරයට ගෙන තිබේ.

මෙරට මුහුදු සීමාව තුළ අනවසර ධීවර කටයුතු සිදුකළ ඉන්දීය ධීවර යාත්‍රා මෙරට මුහුදු සීමාවෙන් ඔබ්බට පලවා හැරීම සඳහා ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් සිදු කරන ලද මෙහෙයුමකින් යාත්‍රා සහ ධීවරයන් භාරයට ගෙන ඇත.

නාවික හමුදා භාරයට ගත් ඉන්දීය ධීවර යාත්‍රා හතර  සහ එහි සිටි ඉන්දීය ධීවරයන් විසි එක් දෙනා තලෙයිමන්නාරම ජැටිය සහ කන්කසන්තුරය වරාය වෙත රැගෙන ගොස් ඇති අතර, ඉදිරි නීතිමය කටයුතු සඳහා තලෙයිමන්නාරම සහ යාපනය ධීවර පරීක්ෂක කාර්යාල වෙත භාර දීමට නියමිත ව තිබේ.

ගුවන් විදුලිය
20240502බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම