අසර්බයිජානය සහ ආර්මේනියාව දෙරටේ සබඳතා වැඩිදියුණු කරයි
2023-12-08 11:28:53
Share with:

ස්වෛරීත්වයට සහ භෞමික අඛණ්ඩතාවට ගරු කිරීම පිළිබඳ මූලධර්මයේ පදනම මත සබඳතා සාමාන්‍යකරණය කර සාම ගිවිසුමකට පැමිණීමට දෙරටේ ඇති අභිප්‍රාය යළිත් අවධාරණය කළ බව අසර්බයිජාන් ජනාධිපති කාර්යාලය සහ ආර්මේනියා අගමැති කාර්යාලය ඊයේ(07) ඒකාබද්ධ නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේ ය.

දෙරට අතර විශ්වාසය ගොඩනැගීම සඳහා ප්‍රායෝගික පියවර ගෙන ඇති බව එම නිවේදනයේ දැක්වේ. සුහදතාවයේ සංකේතයක් ලෙස, අසර්බයිජානය ආර්මේනියානු සෙබළුන් 32 ක් නිදහස් කළ අතර ආර්මේනියාව අසර්බයිජාන සෙබළුන් දෙදෙනෙක් නිදහස් කර ඇත. ආර්මේනියාව සිය අයදුම්පත ඉල්ලා අස්කර ගන්නා අතර දේශගුණික විපර්යාස පිළිබඳ එක්සත් ජාතීන්ගේ රාමු සම්මුතියේ පාර්ශ්වකරුවන්ගේ 29 වැනි සමුළුව පැවැත්වීමට අසර්බයිජානයට සහාය දෙනු ඇත.

ගුවන් විදුලිය
20240506සඳුදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම