ගෝලීය ආර්ථිකයට සාපේක්ෂව චීන සංවර්ධනයේ ධනාත්මක සංවර්ධනයක්
2023-12-07 10:48:02
Share with:

චීනයේ විද්‍යුත් මෝටර් රථ මධ්‍යස්ථානයක අත්දැකීම් ලබා ජර්මන් Volkswagen මෝටර් රථ සමාගමේ ඉංජිනේරු පිරිස එහි නිෂ්පාදන වේගවත් කිරීමට විසඳුම් සොයන බව පසුගිය දා ඇමරිකානු The Wall Street වේබ අඩවියේ ලිපියක සඳහන් කර තිබේ. “බටහිර මෝටර් රථ සමාගම චීන විදුලි ධාවන මෝටර් රථ සමාගමෙන් අධ්‍යයනය ” නම් ලිපියේ මෙලෙස සඳහන් කෙරිණ. 

ගතවූ වසර 8 තුළ චීනයේ නව බලශක්ති මෝටර් රථ නිෂ්පාදන හා අලෙවිය අඛණ්ඩව ලෝකයේ පළමු ස්ථානයක පවතී. එය චීන සමෘද්ධිමත් ආර්ථීක සංවර්ධනයේ සංකේතයකි. මේ වසරේ මුල් කාර්තු තුන තුළ චීන ආර්ථිකය පසුගිය වසරේ සමාන කාල සීමාවට සාපේක්ෂව සියයට 5.2කින් වර්ධනය වී තිබේ. එම කාල සීමාව තුළ ඇමරිකාවේ හා යුරෝ කලාපීය ආර්ථිකයේ වර්ධන වේගය වෙන් වෙන් ව සියයට 2.4ක් සියයට 0.5ක් විය. පසුගිය දා ජාත්‍යන්තර මුල්‍ය අරමුදල, ආර්ථීක සහයෝගීතා හා සංවර්ධන සංගමය වෙන් වෙන් ව 2023 වසරේ චීන ආර්ථීක වර්ධන අපේක්ෂිත වේගය සියයට 5.4ක් හා සියයට 5.2ක් දක්වා ඉහළ නංවා ඇත. 

වර්තමානයේ ඉහළ උද්ධමනය, භූගෝලීය දේශපාලන ගැටුම්, බලශක්ති සම්පත් හා ආහාර අර්බුදය යන අභියෝගයන්ට මුහුණ දෙන ලෝක ආර්ථිකයේ “ස්ථාවරත්වය” ඉතා දුර්වල මට්ටමක පවතින බව සැලකේ. චීන ආර්ථික ප්‍රතිපත්තිය ස්ථාවරව හා තිරසරව අනුගමනය කරයි. චීනය සැම විටම පොදු සංවර්ධනය , විවෘත ලෝක ආර්ථිකය ගොඩනැගීම, වෙනත් රටවල් සමඟ එක්ව නවීකරණය ඉටු කිරීම යන සංකල්ප වෙත අවධානය යොමු කර ඇත.

වත්මන් චීනය හරිත සංවර්ධනය , ඩිජිටල් ආර්ථිකය යන ක්ෂේත්‍රවල ප්‍රමුඛ රටක් බවට පත්වෙමින් පවතින අතර ලෝක ආර්ථීකයට නව ශක්තියක් ලබා දෙයි. ජාත්‍යන්තර තත්ත්වය විමසා බැලීමේදී බාහිර ලෝකය චීන ආර්ථික පැවැත්ම කෙරෙහි වඩා පැහැදිලිව අවබෝධ කර ගත් බවට විශ්වාස කෙරේ.  

ගුවන් විදුලිය
20240503සිකුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම