2023 “එක් තීරයක් එක් මාවතක්” ඩිජිටල් පෘථිවිය සංසදය බෙයිජිංහිදී
2023-12-07 11:14:30
Share with:

2023 “එක් තීරයක් එක් මාවතක්” ඩිජිටල් පෘථිවිය සංසදය ඊයේ (6) බෙයිජිංහිදී ආරම්භ විය.

ශ්‍රී ලංකාව, ඊජිප්තුව, රුසියාව, මොරොක්කෝව සහ ඉන්දුනීසියාව ඇතුළු රටවල් හා අදාළ ජාත්‍යන්තර සංවිධාන 33ක විශේෂඥයෝ 100 කට වැඩි පිරිසක් එම සංසදයට එක් වෙති.

“ඩිජිටල් පෘථීවිය සහ ‘එක් තීරයක් එක් මාවතක්’ වැඩපිළිවෙළට සම්බන්ධ රටවල තිරසර සංවර්ධනය” එම සංසදයේ ‍තේමාවයි. වැඩපිළිවෙළට සම්බන්ධ රටවල ඩිජිටල් පෘථීවි විද්‍යාවේ සංවර්ධන තත්ත්වය හා අභියෝගයන් පිළිබඳව එම සංසදයේදී සාකච්ඡාවට ලක් වෙයි. එම රට‍වල තිරසර සංවර්ධනය, විශේෂයෙන්ම පරිසර තිරසර සංවර්ධනය, දේශගුණික විපර්යාසයට විසඳුම, ආපදා අවදානම් සහ වෙරළ කලාප පාලනය ඇතුළු කරුණු සඳහා ඩිජිටල් පෘථිවියේ කාර්යභාරය පිළිබඳව ද එහිදී සක්ච්ඡා පැවැත්වේ.

‘එක් තීරයක් එක් මාවතක්’ වැඩපිළිවෙළට සම්බන්ධ රටවල තිරසර සංවර්ධනය සඳහා ඩිජිටල් පෘථීවිය දායක වීම පිළිබඳ ප්‍රකාශය එම සංසදයේදී සම්මත කෙරිණ. ජිඩිටල් පෘථිවිය ක්ෂේත්‍රයේදී බහුපාර්ශවික සහයෝගිතාව ගොඩ නැගීමට එම රටවල් ගන්නා වැදගත් පියවර පිළිබඳව එම ප්‍රකාශයෙන් සංකේතවත් කෙරේ. අදාළ රටවල තිරසර සංවර්ධන ඉලක්කයන් ඉටු කිරීමට එය ප්‍රබල බලැපෑමක් ඇති කරයි.

ගුවන් විදුලිය
20240501බදාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම