යෝජිත ඉන්දු - ශ්‍රී ලංකා ආර්ථික සහ තාක්ෂණික සහයෝගීතා ගිවිසුමේ 12 වන වටයේ සාකච්ඡාවලට අදාළ කරුණුවලට අමාත්‍ය මණ්ඩල අනුමැතිය
2023-12-07 16:55:15
Share with:

යෝජිත ඉන්දු - ශ්‍රී ලංකා ආර්ථික සහ තාක්ෂණික සහයෝගීතා ගිවිසුමේ 12 වන වටයේ සාකච්ඡාවලට අදාළ කරුණුවලට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිවෙයි.

මෙම සාකච්ඡා ඔක්තෝබර් මස 30 වන දින සිට නොවැම්බර් මස පළමු වනදා දක්වා කොළඹදී පැවති අතර එහිදී ක්ෂේත්‍ර කිහිපයක් සම්බන්ධයෙන්ම දෙපාර්ශ්වයේ ක්‍රියාකාරී කණ්ඩායම් විසින් එකඟතාවයකට පැමිණ ඇති බව සඳහන් ය.

ඒ අනුව 13 වන වටයේ සාකච්ඡා ජනවාරි මස 08 වනදා සිට 10 වනදා දක්වා පැවැත්වීමටත් තාක්ෂණික මට්ටමේ සාකච්ඡා මාර්තු මාසය වනවිට පැවැත්වීමටත් දෙපාර්ශ්වය එකඟතාවට පැමිණ ඇත.

ඒ අනුව, 12 වන වටයේ සාකච්ඡා සම්බන්ධයෙන් ජනාධිපතිවරයා විසින් ඉදිරිපත් කරන ලද තොරතුරු සඳහා අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිවී ඇති බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සඳහන් කළේය.

මේ අතර ලෝක බැංකුව විසින් අරමුදල් සපයන මූල්‍ය අංශයේ ආරක්ෂක ජාලය ශක්තිමත් කිරීමේ ව්‍යාපෘතිය සඳහා ද අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිවී තිබේ.

 

ගුවන් විදුලිය
20240502බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම