චීන විදේශ වෙළෙඳ ආනයන හා අපනයනයේ වර්ධනයක්
2023-12-07 18:57:54
Share with:

චීන රේගු පරිපාලනය අද(7) පළ කළ තොරතුරුවලට අනුව, පසුගිය මාසයේ චීනයේ භණ්ඩ වෙළෙඳ ආනයන හා අපනයන වටිනාකම චීන යුවාන් ට්‍රිලියන 3.7ක් වූ අතර, එය පසුගිය කාලසීමාවට වඩා 1.2% ක වැඩිවීමකි. විදේශ වෙළඳාමේ ස්ථාවර සහ ධනාත්මක ප්‍රවණතාව  ඉනු තවදුරටත් පිළිබිඹු කෙරේ.

රේගු සංඛ්‍යාලේඛනවලට අනුව, මෙම වසරේ ප්‍රථම මාස 11 තුළ, චීනයේ භාණ්ඩ වෙළෙඳ ආනයන හා අපනයන වටිනාකම චීන යුවාන් ට්‍රිලියන 37.6 ඉක්මවා ගිය අතර, පසුගිය කාලසීමාව සමඟ එය මූලික වශයෙන් සමාන වේ. ඉන් අපනයන ප්‍රමාණය චීන යුවාන් ට්‍රිලියන 21.6ක් වූ අතර, එය 0.3% වැඩි වීමකි. ආනයන ප්‍රමාණය චීන යුවාන් ට්‍රිලියන 16.4ක් පමණ වූ අතර, එය පසුගිය කාලසීමාවට වඩා 0.5% පහළ විය.

ගුවන් විදුලිය
20240501බදාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම