චීන ජනපති සහ යුරෝපා කවුන්සිලයේ සභාපති, යුරෝපා කොමිසමේ සභාපතිනිය අතර හමුවක්
2023-12-07 11:34:15
Share with:

චීන ජනාධිපති ෂී ජින් පිං මහතා අද(7) බෙයිජිංහි Diaoyutai රාජ්‍ය අමුත්තන්ගේ හෝටලයේ දී , යුරෝපා කවුන්සිලයේ සභාපතිවරයා හා යුරෝපා කොමිසමේ සභාපතිනිය හමුවිය. චීන-යුරෝපා සංගම් 24වැනි නායක හමුව පැවැත්වීම සඳහා යුරෝපා කවුන්සිලයේ සභාපති Charles Michel මහතා සහ යුරෝපා කොමිසමේ සභාපතිනි Ursula von der Leyen මහත්මිය චීනයට පැමිණ ඇත.

ෂී ජින් පිං මහතා එහිදී පෙන්වා දුන්නේ, වැඩිවන කැලඹිලි සහිත වත්මන් ජාත්‍යන්තර තත්වය තුළ, චීන-යුරෝපා සංගම් සබඳතාවලට උපායමාර්ගික වැදගත්කමක් සහ ගෝලීය බලපෑමක් ඇති බවයි. දෙපාර්ශ්වය‍ටම ලෝකයට වැඩි ස්ථාවරත්වයක් ලබා දීම සහ සංවර්ධනය සඳහා වැඩි ශක්තියක් ලබා දීමේ වගකීමක් පවතී .

චීනය සහ යුරෝපා සංගමය අතර විස්තීරණ උපායමාර්ගික හවුල්කාරිත්වය පිහිටුවීමේ 20 වැනි සංවත්සරය මෙම වසරේ සනිටුහන් වන බව, ෂී ජින් පිං මහතා අවධාරණය කළේ ය. දෙපාර්ශ්වයම අවබෝධය වැඩිදියුණු කළ යුතු අතර, නිර්මාණාත්මක සංවාදයකින් වෙනස්කම් නිසි ලෙස හැසිරවිය යුතුය. දෙපාර්ශවයට ගැලපෙන, විවිධ ක්‍රම හේතුවෙන් එකිනෙකා ප්‍රතිවාදීන් ලෙසට සැලකිය නොහැක. තරඟකාරීත්වය නිසා සහයෝගීතාවය අඩු කර ගත නොහැකි අතරම වෙනස්කම් නිසා ගැටුමක නිරත විය නොහැකි බවද චීන ජනාධිපතිවරයා අවධාරණය කළේය. චීනය සහ යුරෝපය එකිනෙකාට ගරු කළ යුතු අතර එකිනෙකාට සහයෝගය දැක්වමින් පොදු සංවර්ධන ඉටු කළ යුතු ය. එක්සත් ජාතීන්ගේ සංවිධානය සහ G20 වැනි බහුපාර්ශ්වික රාමු තුළ, දෙපාර්ශ්වයම සන්නිවේදනය සහ සම්බන්ධීකරණය ශක්තිමත් කළ යුතු බවත්, බහුපාර්ශ්විකත්වය අනුගමනය කරන කර කඳවුරු  අතර ගැටුමට විරුද්ධ විය යුතු බවත්, ෂී ජින් පිං මහතා අවධාරණය කළේ ය.

Charles Michel මහතා සහ Ursula von der Leyen මහත්මිය එහිදී පෙන්වා දුන්නේ, චීනය සමඟ ඇති සබඳතාවලට යුරෝපා පාර්ශ්වය ඉහළින් අවධානය යොමු කරන බවයි. චීනය සමඟ දිගුකාලීන සහ ස්ථාවර සබඳතා වර්ධනය කර ගැනීමට යුරෝපා සංගමය බලාපොරොත්තු වේ. මෙම යුරෝපා සංගම්-චීන නායක හමුව මගින්, යුරෝපා සංගම්-චීන සබඳතාවල අනාගත වර්ධනයට නව ජවයක් ගෙන එනු ඇතැයි අපේක්ෂා කරන බව ඔවුහු පැවසූහ. එකම චීනය  ප්‍රතිපත්තිය යුරෝපා සංගමය දැඩි ලෙස අනුගමනය කරයි. අන්‍යෝන්‍ය ගෞරවය, විවෘතභාවය සහ අවංක ආකල්පයක් මත රැ‍ඳෙමින් මතභේදයන් සම්බන්ධයෙන් චීනය සමඟ සන්නිවේදනය ශක්තිමත් කිරීමට සහ අවබෝධය වැඩි දියුණු කිරීමට, යුරෝපා සංගමය කැමැත්තෙන් සිටින බව, ඔවුහු එහිදී සඳහන් කළහ.

ගුවන් විදුලිය
20240501බදාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම