සබඳතා හා කලාපීය ගැටළු සාකච්ඡා කිරීමට රුසියානු ජනපති එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ, සෞදි අරාබියේ සංචාරයක
2023-12-07 11:11:15
Share with:

රුසියානු ජනාධිපති Vladimir Putin මහතා ඊයේ(6) එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ සහ සෞදි අරාබියේ සංචාරයක නිරත විය. කලාපීය සබඳතා සහ පොදු ගැටළු සාකච්ඡා කිරීමේ අරමුණෙන් එම සංචාරය සිදු කර තිබේ.

පුටින් මහතා හා එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ Sheikh Mohamed bin Zayed Al Nahyan ජනපති සමඟ අබුඩාබිහිදී පැවති සාකච්ඡාවේදී ද්විපාර්ශ්වික උපායමාර්ගික හවුල්කාරිත්වයේ රාමුව තුළ සබඳතා වැඩිදියුණු කර ගැනීමේ අපේක්ෂාවන් ගවේෂණය කළ බව එරට නිල පුවත් ඒජන්සිය වන WAM පැවසීය. ගාසා තීරයේ සටන් විරාමයකට එළඹීමට, සිවිල් වැසියන් ආරක්ෂා කිරීමට සහ මානුෂීය ආධාර සැපයීම සහතික කිරීමට ජාත්‍යන්තර ක්‍රියාමාර්ගවල අවශ්‍යතාවය දෙපාර්ශවයම අවධාරණය කළ බව WAM වාර්තා කර ඇත. එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ජනාධිපතිවරයා අවධාරණය කළේ ලොව පුරා පවතින ගැටුම් රාජ්‍ය තාන්ත්‍රික සහ සංවාදය තුළින් විසඳීමට තම රට කැපවී සිටින බවයි.

පසු දින රුසියානු ජනාධිපතිවරයා සෞදි අරාබියේ ඔටුන්න හිමි Mohammed bin Salman Al Saud කුමරු රියාද්හි දී හමුවිය. මැදපෙරදිග කලාපයේ ස්ථාවරත්වය ළඟා කර ගැනීම සඳහා රුසියාව හා එක්ව කටයුතු කරන බව සෞදි ඔටුන්න හිමි කුමරු මෙම හමුවේදී අවධාරණය කළ බව Al Arabiya චන්ද්‍රිකා ප්‍රවෘත්ති නාලිකාව වාර්තා කළේය. දේශපාලන, ආර්ථික සහ මානුෂීය ක්ෂේත්‍රවල සෞදි අරාබිය සමඟ රුසියාවේ යහපත් සබඳතා හොඳින් ස්ථාපිත කිරීමේ අවශ්‍යතාව රුසියානු ජනාධිපතිවරයා මෙහිදී අවධාරණය කර ඇත.

ගුවන් විදුලිය
20240506සඳුදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම