ගෝලීය මානව හිමිකම් සුරැකීමට දායකවන චීන ප්‍රඥාව
2023-12-07 19:04:07
Share with:

"වඩා යහපත් ලෝකයක් සඳහා - මානව හිමිකම් ඉදිරි දැක්මකින් එක් තීරයක් එක්මාවතක්  ඒකාබද්ධව ලුහුබැඳීමේ පසුගිය දශකය දෙස බැලීම" යන මාතෘකාවෙන් යුත් වාර්තාවක් නිකුත් ‍කෙරේ.

ෂිංහුවා ප්‍රවෘත්ති ඒජන්සිය යටතේ පවතින විද්වත් පර්ෂදයක් වන මානව හිමිකම් සංවර්ධනය සහ නව චීන පර්යේෂණ සඳහා වන චීන පදනම විසින් එය නිකුත් කර තිබේ.

2013 වසරේදී  චීන ජනාධිපති ෂී ජින්පිං මහතා විසින්  "සේද මාවත ආර්ථික තීරය " සහ "එක් තීරයක් එක් මාවතක්  ලෙසින් හඳුන්වන "21 වන සියවසේ සමුද්‍රීය සේද මාවත" ඒකාබද්ධව ගොඩනැංවීම යෝජනා කරන ලදි .

එක් තීරයක් එක් මාවතක් මුලපිරුමේ අරමුණ  අදාළ රටවල් අතර සර්වමාන සහ බහුස්ථර හුවමාරු කිරීම් සහ සහයෝගීතාව වැඩි දියුණු කිරීම, එක් එක් රටවල සංවර්ධන විභවයන් සහ සංසන්දනාත්මක ශක්තීන් පූර්ණ ලෙස භාවිත කිරීම සහ ප්‍රයෝජනයට ගැනීම  මෙන්ම හවුල් අවශ්‍යතා, හවුල් වගකීම් සහ හවුල් ඉරණමක් සහිත ප්‍රජාවක් නිර්මාණය කිරීමය.

පසුගිය දශකය තුළ, මානව වර්ගයා සඳහා හවුල් අනාගතයක් සහිත ප්‍රජාවක් ගොඩනැගීම සඳහා තීරණාත්මක ප්‍රායෝගික වේදිකාවක් ලෙස, එක් තීරයක් එක් මාවතක් වැඩසටහනට රටවල් 150කට අධික සංඛ්‍යාවක් සහ ජාත්‍යන්තර සංවිධාන 30කට අධික සංඛ්‍යාවක් සම්බන්ධ වී ඇත.

එහි ආයොජන මෙහෙයුම ඇමරිකා ඩොලර් ට්‍රිලයනයකට ආසන්නය. සහයෝගී ව්‍යාපෘති රාශියක් තුළින් හවුල්කාරී රටවලට රැකියා අවස්ථා රැසක් නිර්මාණය කර ඇති බව එම වාර්තාව සඳහන් කරයි.ඉන් විශාල පිරිසක් ද්‍රරිද්‍රතාවෙන් මුදාවා ගැනීමට ද හැකිව තිබේ.ගෙවුණු දශකය තුළ එක් තීරයක් එක් මාවතක් වැඩසටහන ජාත්‍යන්තර පොදු ගෝලීය වේදිකාවක් ලෙසට ඉහළ ජනප්‍රියතාවක් අත් කර ගෙන තිබේ.එය ප්‍රීතිමත්භාවයේ මාවතක් බවට ද පත්ව තිබේ.

හවුල්කාරී රටවල මානව හිමිකම් සුරැකීම ප්‍රවර්ධනයට හා සුවදායී ජීවිතයක් වෙනුවෙන් ද එය දායක වී ඇත.මානව හිමකම් සුරැකීම සමස්ත මානව වර්ගයාටම බලපාන පොදු තත්ත්වයකි. වත්මන් 21වන සියවසේ කුසගින්න ,දිළිඳුභාවය සහ පාරිසරික දූෂණය මෙන්ම සංවර්ධිත පරතරයද වැඩි වෙමින් පවතින බව මානව හිමිකම් සංවර්ධනය සහ නව චීන පර්යේෂණ සඳහා වන චීන පදනම නිකුත් කළ වාර්තාවේ දැක්වේ.

එක් තීරයක් එක් මාවතක්  මුලපිරුමේ පොදු සංවර්ධනය සහ සැබෑ ජයග්‍රහණ පිළිබඳ දැක්ම ගෝලීය මානව හිමිකම් අභිවෘද්ධිය සඳහා චීනයේ ශක්තිය දායක කිරීමක් වන අතර ඉන් ගෝලීය මානව හිමිකම් පාලනය වැඩිදියුණු කිරීම සඳහා චීන ප්‍රඥාව ද ලබා දී ඇතැයි එම වාර්තාව වැඩිදුරටත් සඳහන් කරයි.

ගුවන් විදුලිය
20240502බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම