ලබන වසර අවසානයේ මිලියන 2.5ක සංචාරකයින් පිරිසක් මෙරටට ගෙන්වා ගැනීමේ ඉලක්කයක්
2023-12-07 16:56:53
Share with:

ලබන වසර අවසානයේ මිලියන 2.5ක සංචාරකයින් පිරිසක් මෙරටට ගෙන්වා ගැනීමට අපේක්ෂා කරන බව සංචාරක අමාත්‍ය හරින් ප්‍රනාන්දු මහතා පවසයි.

සංචාරක අමාත්‍යංශයේ සහ ඉඩම් අමාත්‍යංශයේ වැය ශීර්ෂ පිළිබඳ විවාදයට එක්වෙමින් සංචාරක අමාත්‍යවරයා මේ බව පැවසීය. 2025 අවසානයේ සංචාරකයින් මිලියන 04ක් මෙරටට ගෙන්වා ගැනීමට අපේක්ෂිත බව ද හෙතෙම කීය.

මෙම වසරේ මේ වෙන විටත් සංචාරකයින් මිලියන 1.3ක් මෙරටට පැමිණ ඇතැයිද හෙතෙම පැවසීය.එළඹෙන 10 වෙනිදා තවත් සංචාරක නැව් 03ක් පැමිණීමට නියමිත බවත් සංචාරක අමාත්‍යවරයා පැවසීය. එම නැව් 03න් පමණක් සංචාරකයින් 5000ක් පැමිණීමට නියමිතය. මේ වන විට දිනකට 6000 කට ආසන්න සංචාරකයින් පිරිසක් ලංකාවට පැමිණෙන බවද අමාත්‍යවරයා සඳහන් කළේය.

 

ගුවන් විදුලිය
20240502බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම