ශ්‍රී ලංකාව ශීඝ්‍රයෙන් යථා තත්ත්වයට පත් කිරීමට හැකිව තිබෙන බව ලෝක මූල්‍ය සමාගම් පවා පිළිගන්නා බව ජනාධිපතිවරයා පවසයි
2023-12-07 16:54:30
Share with:

ලෝක ආර්ථික අවපාතය හමුවේ බංකොලොත් වූ රටවල් අතරින් ශ්‍රී ලංකාව ශීඝ්‍රයෙන්  යථා තත්ත්වයට පත් කිරීමට හැකිව තිබෙන බව ලෝක මූල්‍ය සමාගම් පවා පිළිගන්නා බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.

පැරණි ක්‍රමවේදය අනුව ඉදිරියට යාමෙන් රටට හෙට දවසක් නොමැති බවත් පසුගිය වසර කිහිපය ඇතුලත  ජාතියක් ලෙස මුහුණ දූන් කටුක අත්දැකීම මතු පරපුරට උරුම කළ නොහැකි බවත් ජනාධිපතිවරයා අවධාරණය කළේය.

එබැවින් නව ආර්ථික ප්‍රතිසංස්කරණ සමග ඉදිරියට යනවා හැර වෙනත් විකල්පයක් රටට නොමැති බව පෙන්වා දුන් ජනාධිපතිවරයා ඒ සමඟ සියලු දෙනා එක්විය යුතු බවද සඳහන් කළේය.

ආනයන අපනයන පරතරය මෙන්ම අයවැය හිඟය මෙරට ආර්ථික අර්බුදයට හේතු වී තිබෙන බවද එම නිසා අපනයන ආදායම වැඩි කිරීමටත් රාජ්‍ය වියදම් අඩුකර රාජ්‍ය ආදායම් වැඩි කිරීමටත් නව සැලසුම් සම්පාදනය කර තිබෙන බව ජනාධිපතිවරයා කීය .

ගුවන් විදුලිය
20240502බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම