එක්සත් ජාතීන්ගේ මධ්‍යම හදිසි ප්‍රතිචාර අරමුදලට අඛණ්ඩව පරිත්‍යාග ලබාදීමට චීනය පොරොන්දු වෙයි
2023-12-07 11:00:25
Share with:

 

එක්සත් ජාතීන්ගේ නියෝජ්‍ය නිත්‍ය නියෝජිත Dai Bing මහතා එක්සත් ජාතීන්ගේ මධ්‍යම හදිසි ප්‍රතිචාර අරමුදලේ ඉහළ පෙළේ ප්‍රතිඥා දීමේ සම්මන්ත්‍රණයකදී චීනය ඊට අඛණ්ඩව පරිත්‍යාග ලබා දෙන බවට පොරොන්දු  විය. එම සම්මන්ත්‍රණය ඊයේ(06) පැවැත්විණ.

වර්තමානයේ ජාත්‍යන්තර ප්‍රජාව ගැටුම්, ආපදා සහ වසංගත වැනි අභියෝග රැසකට මුහුණ දී සිටී. එම නිසා ගෝලීය මානුෂීය අවශ්‍යතා තියුණු ලෙස ඉහළ ගොස් ඇත. එක්සත් ජාතීන්ගේ මධ්‍යම හදිසි ප්‍රතිචාර අරමුදලට ඉක්මනින් සහ නම්‍යශීලීව අරමුදල් වෙන් කළ හැකි බැවින් එය ප්‍රථම ආධාර තොගය සඳහා වැදගත් මූලාශ්‍රයක් බවට පත්ව ඇතැයි Dai Bing මහතා එහිදී පැවසීය .

එක්සත් ජාතීන්ගේ මධ්‍යම හදිසි ප්‍රතිචාර අරමුදලේ කාර්යයට චීනය දැඩි ලෙස සහයෝගය දක්වන අතර චීනයේ ධාරිතාව තුළ ඊට ස්වේච්ඡාවෙන් දායකත්වය ලබා දෙන බව Dai Bing මහතා සඳහන් කළේ ය. 2007 වසරේ සිට සෑම වසරකම චීනය දායකත්වය ලබා දී ඇති අතර අනාගතයේදීත් එම අරමුදලට පරිත්‍යාග ලබාදීමට කටයුතු කරනු ඇති බව හෙතෙම පැවසීය.

ගුවන් විදුලිය
20240506සඳුදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම