ගෝලීය දේශගුණ විපර්යාස පාලනයට සිය උපරිම දායකත්වය ලබා දෙන බව චීනය පවසයි
2023-12-07 20:54:31
Share with:

ගෝලීය දේශගුණ විපර්යාසයන්ට මුහුණදීමට චීනය උපරිම දායකත්වය ලබා දෙන බව චීනය ප්‍රකාශ කරයි. චීන විදේශ අමාත්‍යාංශ ප්‍රකාශක වං වෙන් බින් මහතා අද (7) පැවති නිත්‍ය මාධ්‍ය හමුවේදී කියා සිටියේ චීනය හරිත හා තිරසර සංවර්ධනය අඛණ්ඩව ඉදිරියට ගෙන යමින් ගෝලීය දේශගුණ විපර්යාසයන්ට මුහුණදීමට චීනය උපරිම දායකත්වය ලබා ‍දෙන බවයි.

එක්සත් ජාතීන්ගේ දේශගුණ විපර්යාස පිළිබඳ රාමුගත සම්මුති පාර්ශ්වකරුවන්ගේ 28වන සමුළුව (COP28) මේ දිනවල ඩුබායි හි පැවැත්වේ. රටවල් 100කට වැඩි සංඛ්‍යාවක් ඊට එක්ව සිටී. 2030 වසරට පෙර ගෝලීය පුනර්ජනනීය බලශක්ති උත්පාදක ධාරිතාව දෙගුණයකින් වැඩි කිරීමට එම සමුළුවට එක්ව සිටින රටවල් එකඟ වී ඇත.එම ඉලක්කය සැබවින් ඉටු කළ හැකි එකම බලවතා වන්නේ චීනය බව විදෙස් මාධ්‍ය සඳහන් කර ඇත. මේ සම්බන්ධයෙන් වං වෙන් බින් මහතා මාධ්‍ය හමුවේදී අදහස් දැක්විය.

පුනර්ජනනීය බලශක්තියට චීනය ඉහළ අවධානය යොමු කර ඇති බව ඔහු එහිදී පැවසෟය. පුනර්ජනනීය බලශක්තිය වෙනුවෙන් චීනයේ ආයෝජනය අඛණ්ඩව වසර 7ක් ලොව ප්‍රථම ස්ථානයේ පසු වී තිබේ. එමෙන් ම එම කාලයේ ගල් අඟුරුවලින් විදුලි උත්පාදනය කිරීම අභිබවමින් චීනයේ පුනර්ජනනීය බලශක්ති උත්පාදක ධාරිතාව අඛණ්ඩව ලොව පළමු ස්ථානයට පත්ව ඇතැයි වං වෙන් බින් මහතා කියා සිටී. ලෝකයේ නව බලශක්ති මෝටර් රථවලින් 50%කට වැඩි සංඛ්‍යාවක් ධාවනය කෙරෙන්නේ චීනයේදී ය. චීනය හරිත සංවර්ධනය ඉදිරියට ගෙන යන අතර සෙසු රටවල් සමග හරිත බලශක්ති සහයෝගිතා ද පවත්වමින් සිටින බව චීන විදේශ අමාත්‍යාංශ ප්‍රකාශකයා වැඩිදුරටත් සඳහන් කර තිබේ.

ගුවන් විදුලිය
20240502බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම