චීන මාධ්‍ය සමූහය හා ජපානයේ Yoshimoto Kogyo සමාගම අතර උපාය මාර්ගික සහයෝගිතා ගිවිසුමක්
2023-12-07 19:24:58
Share with:

චීන මාධ්‍ය සමූහය හා ජපානයේ Yoshimoto Kogyo සමාගම උපාය මාර්ගික සහයෝගිතා ගිවිසුමකට අත්සන් තබයි.

වැඩසටහන් සහයෝගිතා ගැඹුරු කිරීම, මාධ්‍ය තාක්ෂණ පර්යේෂණය ශක්තිමත් කිරීම හා පුද්ගල හුවමාරු සඳහා දෙපාර්ශ්වය එකඟතාවට පැමිණ තිබේ. චීන මාධ්‍ය සමූහයේ උප අධ්‍යක්ෂ ජනරාල් Xing Bo මහත්මිය හා Yoshimoto Kogyo සමාගමේ සභාපති Akihiko Okamoto මහතා එම ගිවිසුමට අත්සන් තැබූහ.

මෑත වසර කිහිපය තුළ චීන මාධ්‍ය සමූහය හා Yoshimoto Kogyo සමාගම යහපත් සහයෝගිතා සබඳතාව පවත්වා  ඇති අතර සංස්කෘතික කර්මාන්තයේ සහයෝගිතා ශක්තිමත් කිරීම හා මාධ්‍ය ඔස්සේ චීන ජපන් සංස්කෘතික හුවමාරු අන්තර්ගතයන් තවදුරටත් සාරවත් කිරීමට හැකිවනු ඇතැයි Xing Bo මහත්මිය එහිදී අපේක්ෂා පළ කළාය.

වැඩසටහන් නිෂ්පාදනයෙන් Yoshimoto Kogyo සමාගම හා චීන මාධ්‍ය සමූහය අතර සාර්ථක ප්‍රතිඵල අත්කර ගෙන තිබෙන බව Akihiko Okamoto මහතා කීය. 2025 Osaka ලෝක ප්‍රදර්ශනය ඔස්සේ චීන මාධ්‍ය සමූහය සමග බහු ක්ෂේත්‍රවල සහයෝගිතා පුළුල් කිරීමට Akihiko Okamoto මහතා අපේක්ෂා පළ කළේය.

Yoshimoto Kogyo සමාගම ජපානයේ විශාලතම සංස්කෘතික සහ විනෝද මාධ්‍ය සමූහයන් ගෙන් එකකි.

ගුවන් විදුලිය
20240501බදාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම