2024 වර්ෂය සඳහා අධ්‍යාපන ක්ෂේත්‍රයට රුපියල් බිලියන 55ක අතිරේක මුදලක්
2023-12-06 19:10:40
Share with:

2024 වර්ෂය සඳහා රුපියල් බිලියන 55ක අතිරේක මුදලක් අධ්‍යාපන ක්ෂේත්‍රය වෙනුවෙන් ‍වෙන්කර ඇතැයි අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේම්ජයන්ත මහතා පවසයි.

අධ්‍යාපන අමාත්‍යංශයේ වැය ශීර්ෂය පිළිබඳ විවාදයට එක්වෙමින් අධ්‍යාපන අමාත්‍යවරයා මේ බව පැවසීය.

පෙළපොත්, නිල ඇඳුම්, දිවා ආහාර සහ පාවහන් නියමිත වේලාවට ලබා දීමට කටයුතු කරන බවද අධ්‍යාපන අමාත්‍යවරයා එහිදී පැවසීය. එළඹෙන පෙබරවාරි මස 19 වන දින 2024 නව පාසල් වාරය ආරම්භ කෙරෙන බවත් ඊට පෙර සිසු දරුවන්ට නිල ඇඳුම්, පෙළපොත් සහ තෝරාගත් පාසල් මෙන්ම පිරිවෙන් සිසුන් වෙත පාවහන් ලබාදී අවසන් කරන බවත් අමාත්‍යවරයා ප්‍රකාශ කළේය.

වසර 2030 වන විට සියළුම දරුවන්ට ‍නොමිලේ දිවා ආහාරයට ලබා දීම තම ඉලක්කය බව ද අධ්‍යාපන අමාත්‍යවරයා පැවසීය.

ලබන වසරට අවශ්‍ය නිල ඇඳුම් මේ වන විට ඇනවුම් කර තිබේ. පාවනහන් බෙදා දීම දැනටමත් ආරම්භ කර ඇතැයි ද අමාත්‍යවරයා සඳහන් කළේය.

ගුවන් විදුලිය
20240502බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම