ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ ගුවන් බලඇණියට චීනයේ නිශ්පාදිත ගුවන් යානා දෙකක්
2023-12-06 19:14:16
Share with:

ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ ගුවන් බලඇණියට චීනයේ නිශ්පාදිත ගුවන් යානා දෙකක් එක් කෙරේ. ඒ, ශ්‍රී ලංකා රජය චීනයෙන් මිලදී ගත් නවතම වයි ටුවෙල් වර්ගයේ  ගුවන් යානා ද්විත්වයකි.

මෙම යානා  පිළිගැනීමේ උත්සවය ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් මහතා ගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණ.

එහදී එම  ගුවන් යානා ද්විත්වය ප්‍රදර්ශනාත්මක ගුවන් ගමනක නිරත විය.

අනතුරුව ආරක්ෂක ලේකම්වරයා ඇතුළු ආරාධිතයින් පිරිස ගුවන්යානා ද්විත්වය නිරීක්ෂණය කරනු ලැබීය.

අනතුරුව චීන නියෝජිතයින් විසින් ගුවන් යානා ද්විත්වය නිල වශයෙන් ගුවන් හමුදාපති එයාර් මාර්ෂල් උදේනි රාජපක්ෂ මහතා වෙත භාරදෙනු ලැබීය.

ගුවන් විදුලිය
20240502බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම