චීන විදේශ අමාත්‍යවරයා සහ බ්‍රිතාන්‍ය විදේශ ලේකම්වරයා අතර දුරකථන සාකච්ඡාවක්
2023-12-06 09:41:50
Share with:

චීන විදේශ අමාත්‍ය වැන්ග් යී මහතා ඊයේ(05) බ්‍රිතාන්‍ය විදේශ, පොදුරාජ්‍ය මණ්ඩලීය සහ සංවර්ධන කටයුතු පිළිබඳ රාජ්‍ය ලේකම් ඩේවිඩ් කැමරන් මහතා සමග දුරකථන සංවාදයක නිරත විය.

චීන කොමියුනිස්ට් පක්ෂයේ මධ්‍යම කාරක සභාවේ දේශපාලන කාර්යාංශයේ සාමාජික, විදේශ අමාත්‍ය වැන්ග් යී මහතා එහිදී  කියාසිටියේ එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලයේ නිත්‍ය සාමාජිකයින් වන චීනය සහ බ්‍රිතාන්‍යයට ලෝක සාමය සහ ස්ථාවරත්වය පවත්වා ගැනීම වෙනුවෙන් වැදගත් වගකීමක් දරන බවයි.

චීනය සහ බි‍්‍රතාන්‍යය අන්‍යෝන්‍ය වශයෙන් සංවර්ධන අවස්ථා හුවමාරු කර ගනිමින් සිටී. එමෙන්ම බි‍්‍රතාන්‍ය පාර්ශ්වය චීනය පිළිබඳ නිවැරදි ආකල්පයක් දරනු ඇති අතර, චීන-බි‍්‍රතාන්‍ය සබඳතා වර්ධනයේ සාමාන්‍ය දිශානතිය අවබෝධ කර ගනු ඇතැයි බලාපොරොත්තු වන බව ද හෙතෙම සඳහන් කළේය.

සාමකාමී සංවර්ධනය සඳහා දැඩි ලෙස කැපවී සිටින චීනය විදේශ ප්‍රතිපත්තියේ අඛණ්ඩ සහ ස්ථාවරත්වය පවත්වාගෙන යමින් බහුපාර්ශ්විකත්වය වෙනුවෙන් සක්‍රිය ලෙස පෙනී සිටී. එමෙන්ම චීනය ඒකපාර්ශ්වික හිරිහැර කිරීම්වලට සහ ආරක්ෂණවාදයට දැඩිව විරුද්ධ වන අතර නිදහස් වෙළඳාමට සහය දක්වන බව ද විදේශ අමාත්‍යවරයා එහිදී ප්‍රකාශ කර ඇත.

චීනයේ සංවර්ධනය ලෝක සාමය සඳහා ගාමක බලවේගයක් වන අතර ජාත්‍යන්තර ප්‍රජාවේ ස්ථාවරත්වය සඳහා ශක්තිමත් සාධකයකි. දෛනිකව වෙනස් වන ගෝලීය තත්ත්වය සහ වර්ධනය වන ගෝලීය අභියෝග හමුවේ චීනය සහ බ්‍රිතාන්‍යය විධිමත් සන්නිවේදනයක් පවත්වා ගෙන යා යුතු බවත්, දෙරටේ සම්බන්ධීකරණය සහ සහයෝගීතාව ශක්තිමත් කළ යුතු බවත් ‍හෙතෙම අවධාරණය කළේය.

එහිදී ඩේවිඩ් කැමරන් මහතා කියාසිටියේ වර්තමාන ලෝකයේ කිසිදු රටකට තනිව ගෝලීය අභියෝගවලට මුහුණ දිය නොහැකි බවත්, බ්‍රිතාන්‍යය සහ චීනය අතර බැඳීම සහ සහයෝගීතාවය දෙපාර්ශ්වයේම අවශ්‍යතා ඉටු කරන බවත්ය. බි‍්‍රතාන්‍යය චීනය සමග සබඳතා වර්ධනය කර ගැනීමට කැපවී සිටින බව ද ඔහු සදහන් කර ඇත.

එමෙන්ම බහුපාර්ශ්විකත්වය සඳහා චීනය දක්වන සහයෝගය බ්‍රිතාන්‍යය අගය කරන අතර ජාත්‍යන්තර සහ කලාපීය ගැටළු සම්බන්ධයෙන් චීනය වැඩි කාර්යභාරයක් ඉටු කරනු ඇතැයි අපේක්ෂා කරන බව ද ඩේවිඩ් කැමරන් මහතා ප්‍රකාශ කළේය.

මෙහිදී යුක්රේන අර්බුදය ඇතුළු වැදගත් කරුණු සම්බන්ධයෙන් දෙපාර්ශ්වය අදහස් හුවමාරු කර ගත්හ. සාම සාකච්ඡා ප්‍රවර්ධනය සම්බන්ධයෙන් චීනයේ ස්ථාවරය නැවත අවධාරණය කළ වැන්ග් යී මහතා, චීනයේ නීත්‍යානුකූල අයිතිවාසිකම් සහ අවශ්‍යතාවලට හානි කරන සහ ඒකපාර්ශ්වික සම්බාධක පැනවීම වැනි ඕනෑම ක්‍රියාවකට විරුද්ධ බව ද අවධාරණය කර ඇත.

ගුවන් විදුලිය
20240505ඉරිදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම