2024 වසරේ චීන වසන්ත උත්සව ප්‍රසංගය වෙනුවෙන් සුබ සලකුණ හා සංස්කෘතික නිර්මාණ නිෂ්පාදිත එළි දැක්වේ
2023-12-06 18:52:52
Share with:

චීන මාධ්‍ය සමූහය විසින් පවත්වනු ලබන 2024 වසරේ චීන වසන්ත උත්සව ප්‍රසංගය වෙනුවෙන් සුබ සලකුණ හා සංස්කෘතික නිර්මාණ නිෂ්පාදිත එළි දැක්වේ. ඒ වෙනුවෙන් අද (6) බෙයිජිං හිදී උත්සවයක් පැවැත්විණ. 2024 වසරේ සාම්ප්‍රදායික චීන අලුත් අවුරුදු උත්සවය හෙවත් වසන්ත උත්සවය ‍වෙනුවෙන් චීන මාධ්‍ය සමූහය පවත්වන රාත්‍රී ප්‍රසංගය සඳහා "Long Chenchen" නම් සුබ සලකුණ සහ අදාළ සංස්කෘතික නිර්මාණ නිෂ්පාදිත රැසක් එහිදී නිල වශයෙන් එළි දැක්විණ.චීන මාධ්‍ය සමූහයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් වං ශියාඕ චෙන් සහ හු ජිං චුන් යන මහත්වරු ඊට එක් වූහ.

2024 වසරේ වසන්ත උත්සව රාත්‍රි ප්‍රසංගයේ ලාංඡනය වන "龘" අක්ෂරය චීන අක්ෂර කෞතුකාගාරය විසින් ඇතුළත් කර ඇතැයි ද එහිදී ප්‍රකාශ කෙරිණ.

ගුවන් විදුලිය
20240502බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම