2024 චීන වසන්ත උත්සව සම්භාෂණ ප්‍රසංගයේ නිල සලකුණ එළි දැක්වේ
2023-12-06 17:44:10
Share with:

2024 වසරේ  සාම්ප්‍රදායික චීන අලුත් අවුරුදු උත්සවය වන වසන්ත උත්සවයේ ප්‍රධාන සම්භාෂණ ප්‍රසංගයේ සුබ සලකුණ වන "Long Chenchen" නිල වශයෙන් එළිදැක්වේ. 2024 වසර චීනයේ මකරා ගේ වසර වශයෙන් හැඳින්වේ. 2024 චීන වසන්ත උත්සවය සම්භාෂණ ප්‍රසංගය චීන මාධ්‍ය සමූහය විසින් මෙහෙයවනු ලබයි

මකරා යනු චීන ජාතියේ වැදගත් අධ්‍යාත්මික සංකේතයක් සහ සංස්කෘතික සංකේතයකි. "Long Chenchen" නමැති මෙම මකර  රූපයෙන් වාසනාව, සාමය සහ සතුට යන සුන්දර අර්ථය ඉස්මතු කෙරේ. "Long Chenchen" ගේ මුහුණේ පෙනුම සහ ශරීර ව්‍යුහය, විවිධ පුරාණ චීන සංස්කෘතික ලක්ෂණ ආශ්‍රයෙන් නිර්මාණය කර තිබේ.  වසන්ත උත්සව සම්භාෂණ ප්‍රසංගයේ විනෝදාස්වාද සාධක සහ පුරාණ චමත්කාරය ද ඉන් පිළිබිඹු කෙරේ.  එහි මකර නිය සැලසුම "පංච නිය සහිත රන් මකරා" යන හැඩය අනුව බැවින්, බලය සහ ගාම්භීරත්වය පෙන්නුම් කෙරේ. එසේම "Long Chenchen" ගේ වර්ණ සංකලනයට විවිධ සාම්ප්‍රදායික චීන වර්ණ තෝරා ගෙන ඇති බැවින්, එහි සම්පූර්ණ ස්වරූපය දැකුම්කළු හා උත්සවශ්‍රීයෙන් යුක්තය.

ගුවන් විදුලිය
20240502බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම