චීන පාකිස්ථාන ආර්ථික කොරිඩෝ ව්‍යාපෘතිය යටතේ ක්‍රියාත්මක කෙරුණු ව්‍යාපෘති දෙකක වැඩ අවසන්
2023-12-06 17:03:45
Share with:

චීන පාකිස්ථාන ආර්ථික කොරිඩෝ ව්‍යාපෘතිය යටතේ ක්‍රියාත්මක කෙරුණු ව්‍යාපෘති දෙකක  වැඩ අවසන් කිරීමේ උත්සව පැපැවැත්වෙයි.චීන ආධාර මත ග්වදාර් දිස්ත්‍රික්කයේ ජල හිඟයට පිළියමක් ලෙසට කරදියහරන කම්හලක් ආරම්භ කෙරිණ. එම ව්‍යාපෘතිය මගින් ප්‍රදේශයේ වසර ගණනාවක් පුරා පවතින විශාලතම ප්‍රශ්ණයක් වන ජල හිඟ ගැටළුවට විසඳුමක් ලැබෙනු ඇතැයි පාකිස්ථාන අග්‍රාමාත්‍යවරයා සඳහන් කරයි.එම කම්හලේ කාර්යයන් ආරම්භ කිරීමේ සහ ග්වදාර් හී පාකිස්ථාන චීන මිත්‍රත්ව රෝහල වැඩි දියුණු කිරීමේ වැඩසටහන අවසන් කිරීමේ අවස්ථාවට එක්වෙමින් හෙතෙම මේ බව සඳහන් කළේය.නව කරදියහරන ව්‍යාපෘතියෙන් දෛනිකව ටොන් 5000ක ජල ප්‍රමාණයක් සැපයීමේ හැකියාව පවතී.ඊ‍ට අමතරව සේවා වැඩි දියුණු කෙරුණු  පාකිස්ථාන චීන මිත්‍රත්ව රෝහලේ ඇඳන් සංඛ්‍යාව 50 සිට 150 දක්වා ඉහළ නංවා තිබේ.අදාළ වෛද්‍ය උපකරණ ද ඊට සපයා ඇත.ග්වදාර් වරාය ඉහළ ගුණාත්මක මට්ටමේ වරායක් ලෙසට ගොඩ නැංවීමට පාකිස්ථානය හා චීනය ක්‍රියා කළ යුතු බව පාකිස්ථාන අගමැතිවරයා එහිදී පැවසීය. එම උත්සවයට එක්වූ පාකිස්ථානයේ චීන තානාපතිවරයා සඳහන් කළේ ‍දෙරට සෑම කල්හිම උපාය මාර්ගික සහයෝගතා හවුල්කරුවන් බවයි.දෙරට චීන පාකිස්ථාන ආර්ථික කොරිඩෝව ගොඩ නැංවීම ප්‍රවර්ධනය‍ට ක්‍රියාකාරීව එක්ව සිටී.එමගින් පාකිස්ථානයේ සමස්ත ජනතාවටම සෙත සැලසෙන බවද හෙතෙම කීය.

 

ගුවන් විදුලිය
20240506සඳුදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම