ආසියානු සංවර්ධන බැංකුවෙන් ශ්‍රී ලංකාවට ඇමරිකානු ඩොලර් මිලියන 600ක්
2023-12-06 19:12:00
Share with:

ආසියානු සංවර්ධන බැංකුව  ශ්‍රී ලංකාවට ඇමරිකානු ඩොලර් මිලියන 600ක් ලබා දීමට සූදානම් වෙයි.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ දෙවන වාරිකය ලැබුණු පසුව කොටස් වශයෙන් එම මුදල ලැබීමට  නියමිත තිබේ.

ශ්‍රී ලංකාව දශක කිහිපයකට පසු මුහුණ දීමට සිදු වූ දරුණුතම මූල්‍ය අර්බුදයෙන් පීඩා විදිමින් සිටින අතර, පසුගිය වසරේ වාර්තාගත අඩු විදේශ විනිමය සංචිත හේතුවෙන් ශ්‍රී ලංකාවේ ආර්ථිකය 2022 වසරේ දී 7.8% කින් සංකෝචනය විය.

පසුගිය මාර්තු මාසයේදී ශ්‍රී ලංකාව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලත් සමඟ එක්වීමෙන් පසු මේවන විට ශ්‍රී ලංකා ආර්ථිකය ක්‍රමයෙන් ස්ථාවර වෙමින් තිබේ. ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ශ්‍රී ලංකාව සම්බන්ධ පළමු සමාලෝචනය ලබන සතියේ පැවැත්වෙන අතර එහිදී ඩොලර් මිලියන 334 ක පමණ දෙවන වාරිකය අනුමත කෙරෙනු ඇතැයි අපේක්ෂා කෙරේ.

 

ගුවන් විදුලිය
20240502බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම