චීන ‍විදේශ ඇමතිවරයා හා ඇමරිකා රාජ්‍ය ලේකම්වරයා අතර දුරකථන සංවාදයක්
2023-12-06 16:41:26
Share with:

චීන කොමියුනිස්ට් පක්ෂයේ මධ්‍යම කාරක සභාවේ දේශපාලන කාර්යාංශ සාමාජික විදේශ ඇමති වං යී මහතා හා ඇමරිකා රාජ්‍ය ලේකම් Antony Blinken මහතා දුරකථන සාකච්ඡාවක් පවත්වති.

චීන ජනාධිපති ෂී ජින් පිං මහතා හා ඇමරිකා ජනාධිපති Joe Biden මහතා සැන් ෆ්‍රැන්සිස්කෝ නුවරදී එළඹි එකඟතාවන් ක්‍රියාවට නැංවීම වත්මන් දෙපර්ශ්වයේ වැදගත් කටයුත්තක් බව වං යී මහතා එහිදී පැවසීය. චීන තායිවාන ප්‍රශ්නය අතින් චීනයේ දැඩි ස්ථාවරය වං යී මහතා යළි අවධාරණය කරමින් චීන අභ්‍යන්තර කටයුතුවලට මැදිහත් නොවන ලෙසත් කිසිදු අවස්ථාවක තායිවාන බෙදුම්වාදී බලවේගයකට අනුබල දීම හා වැරදි ප්‍රවේශයන්ට යොමු කරවීමට ඉඩ නොදිය යුතු බවත් ඇමරිකාවෙන් ඉල්ලා සිටී.

එමෙන්ම පලස්තීන ඊශ්‍රායල ගැටුම පිළිබඳ අදහස් හුවමාරු කරගත් ඔවුහූ මැද පෙරදිග තත්ත්වය සම්බන්ධයෙන් සංවාද පැවැත්වීමට එකඟ වූහ. කඩිනම් සටන් විරාමයක‍ට එළඹීම වර්තමානයේ වැදගත් ම දෙයක් බව වං යී මහතා කීය. පලස්තීන රාජ්‍යය ගොඩනැගීමේ අයිතිය හා ස්වයං තීරණ අයිතියට ගරුකිරීම එම විසඳුමේ හරය බව චීනයේ අදහස වී තිබේ. මෑතකදී මැද පෙරදිග ප්‍රදේශයේ තමා නිරතවූ තොරතුරු හා එම තත්ත්වය පිළිබඳ ඇමරිකාවේ අදහස් Antony Blinken මහතා එහිදී හඳුන්වා දෙමින් රටවල් දෙකේ විසඳුම ක්‍රියාවට නැංවීමට එකඟ විය.

ගුවන් විදුලිය
20240502බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම