Lancang-Mekong සහයෝගිතාව පිළිබඳ 8 වැනි විදේශ ඇමතිවරුන්ගේ සමුළුව හෙට
2023-12-06 19:08:14
Share with:

චීන කොමියුනිස්ට් පක්ෂයේ මධ්‍යම කාරක සභාවේ දේශපාලන කාර්යංශ සාමාජික විදේශ ඇමති වං යී මහතා හා Lancang-Mekong සහයෝගිතා සම සභාපති වන මියන්මාර උප අග්‍රාමාත්‍ය විදේශ ඇමති Than Swe මහතා හෙට(7) ඒකාබද්ධව Lancang-Mekong සහයෝගිතාව පිළිබඳ 8 වැනි විදේශ ඇමතිවරුන්ගේ සමුළුවේ මුලසුන දරනු ඇති බව චීන විදේශ අමාත්‍යංශ ප්‍රකාශක Wang Wenbin මහතා අද(6) පැවසීය.

මෙවර සමුළුව චීනය ඉහළින් අගය කරයි. මෙම සමුළුව ඔස්සේ අදාළ රටවල් අත්වැල් බැඳ ගෙන ජනතාව අතර අන්‍යෝන්‍ය අවබෝධ, අන්‍යෝන්‍ය වශයෙන් සහය ලබාදීම හා පොදු සංවර්ධන හා සමෘද්ධියෙන් යුතු පොදු ඉරණමක් සහිත Lancang-Mekong ඒකකයක් ගොඩනැගීමට චීනය අපේක්ෂා පළ කරන බව Wang Wenbin මහතා කීය.

ගුවන් විදුලිය
20240501බදාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම