දේශගුණික විපර්යාසයට මුහුණ දීමේදී චීනය ඉටු කරන සුවිශේෂ දායකත්වය
2023-12-06 10:44:16
Share with:

පසුගිය සැප්තැම්බර් මාසය අවසානය වනවිට, චීනයේ සුළං බලශක්ති විදුලිය සඳහා අලුතින් වැඩි කර ඇති උත්පාදන ධාරිතාව සමග ගතවූ වසර 14 තුළ අඛණ්ඩ ව ලෝකයේ ඉදිරියෙන් සිටින අතර, සමස්ත උත්පාදන ධාරිතාව අනුව අඛණ්ඩ ව වසර 13ක් ලෝකයේ පෙරමුණ ගෙන සිටී. දැනට, ගෝලීය ප්‍රකාශ වෝල්ටීයතා විදුලි උත්පාදන ධාරිතාවෙන් අඩක් පමණ චීනයේදී ක්‍රියාත්මක ය. ගෝලීය නව බලශක්ති මෝටර් රථවලින් අඩකට වැඩි සංඛ්‍යාවක් චීනයේ ධාවනය කෙරේ. ඩුබායි හි පැවැත්වෙන COP28 සමුළුවේ දී චීනයේ දායකත්වය කෙරෙහි විවිධ පාර්ශ්වයන් ඉහළ අවධානයක් දැක්වීම ද මෙහි මනා පිළිබිඹුවකි.

‘පැරිස් ගිවිසුම’ අනුගමනය කිරීමේ තත්ත්වයන් පිළිබඳ පූර්ණ සමාලෝචනයක් සිදු කරමින් න්‍යායපත්‍රය අනුව වඩාත් ප්‍රායෝගිකව කටයුතු කරන ලෙස විවිධ පාර්ශ්වයන්ගෙන් ඉල්ලීමක් කිරීම COP28 සමුළුවේ අපේක්ෂාවයි. විශාලතම සංවර්ධනය වෙමින් පවතින රට ලෙසට චීනය,  ‘පැරිස් ගිවිසුම’ ස්ථාපිත කිරීමට හා ක්‍රියාත්මක කිරීමට ප්‍රබල කාර්යභාරයක් ඉටු කර ඇත. දිගුකාලීන අරමුණු සම්බන්ධයෙන් එකඟතාවන්ට එළඹීමට ද චීනය වෑයම් කරමින් සිටී. එමෙන්ම චීනය දේශගුණික විපර්යාසයන්ට මුහුණ දීම ජාතික උපායමාර්ගයක් ලෙස නම් කර තිබේ. පුනර්ජනනීය බලශක්තිය තහවුරු කිරීම, කාබන්ඩයොක්සයිඩ් ප්‍රමාණය උපරිම සීමාවට ළඟා වීමේ හා ඒ‍වා උදාසීන කිරීමේ ප්‍රතිපත්තිමය පද්ධති ගොඩනැංවීම ද ඊට ඇතුළත් ය.

එමෙන් ම, ගෝලීය දේශගුණික පාලනයට චීනය සක්‍රීය ලෙස පෙනී සිටී. දකුණු-දකුණු සහයෝගිතා ඔස්සේ චීනය සෙසු සංවර්ධනය වෙමින් පවතින රටවලට සහයෝගය ද ලබා දී තිබේ. පසුගිය ජූනි මාසය අග වනවිට, චීනය, සංවර්ධනය වෙමින් පවතින රටවල් 39ක් සමග දේශගුණික විපර්යාසය පිළිබඳ දකුණු-දකුණු සහයෝගිතා ලියවිලි 46කට අත්සන් තැබීම විශේෂත්වයකි.

චීනය ගෝලීය දේශගුණික පාලනය සඳහා දායකත්වය ලබා දෙන ප්‍රබල සාමාජිකයෙක් බවට පත් වන්නේ ඇයි ද යන්න විමසා බැලිය යුතුය. චීන ලක්ෂණයන්ගෙන් යුත් නවීකරණයේ විශේෂත්වයක් වන්නේ ‘මානවයා හා සොබාදහම අතර මනා සුසංයෝගයක් පවත්වා ගැනීමයි’. වගකීම් සහිත විශාල රටක් ලෙස ඉටු කළ යුතු ජාත්‍යන්තර කාර්යභාරයක් වන්නේ ද එයයි. ඇමරිකාවේ Strategic Access සමාගමේ ප්‍රධාන විධායක නිලධාරි David Paul Dodwell මහතා පසුගිය දා සිය ලිපියකින් පෙන්වා දුන්නේ දේශගුණික ක්‍රියාකාරීත්වය සම්බන්ධයෙන් සියලු රටවල් චීනයේ උසස් දායකත්වය අධ්‍යයනය කළ යුතු බවයි.

ගුවන් විදුලිය
20240503සිකුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම