චීනය සියලුම අරාබි රටවල් සහ අරාබි ලීගය සමඟ "එක් තීරයක් එක් මාවතක්" ඒකාබද්ධ ඉදිකිරීම පිළිබඳ සහයෝගිතා ලේඛනවලට අත්සන් තබයි
2023-12-06 20:05:12
Share with:

චීනය සහ ජෝර්දානය මෑතකදී "එක් තීරයක් එක් මාවතක්" ඉදිකිරීම ඒකාබද්ධව ප්‍රවර්ධනය කිරීම සම්බන්ධයෙන් අවබෝධතා ගිවිසුමකට අත්සන් කර ඇති බව, චීන විදේශ අමාත්‍යශය පවසයි. චීන විදේශ අමාත්‍යශයේ ප්‍රකාශක Wang Wenbin මහතා අද(6) පැවති මාධ්‍ය හමුවකදී මේබව සඳහන් කරමින් පැවසුවේ, මෙතෙක්, චීනය සියලු අරාබි රටවල් සහ අරාබි ලීගය සමඟ, "එක් තීරයක් එක් මාවතක්" ඒකාබද්ධ ඉදිකිරීම පිළිබඳ සහයෝගිතා ලේඛනවලට අත්සන් කර ඇති බවයි. 

"එක් තීරයක් එක් මාවතක්" වැඩපිළිවෙළේ 10 වැනි සංවත්සරය මෙම වසරේ සනිටුහන් කරයි. ගෙවී ගිය වසර 10ක් තුළ, චීනය සහ අරාබි රටවල් "එක් තීරයක් එක් මාවතක්" රාමුව යටතේ, මහා පරිමාණ සහයෝගිතා ව්‍යාපෘති 200 කට වඩා ක්‍රියාත්මක කර ඇත. සහයෝගීතාවයේ ප්‍රතිඵල දෙපාර්ශවයේම බිලියන 2කට ආසන්න පිරිසකට ප්‍රතිලාභ ගෙන දී ඇත. "එක් තීරයක් එක් මාවතක්" වැඩපිළිවෙළ වැදගත් ජාත්‍යන්තර පොදු නිෂ්පාදනයක් සහ ජාත්‍යන්තර සහයෝගීතා වේදිකාවකි. පොදු ඉරණමක්  සහිත චීන-අරාබි ප්‍රජාවක් ගොඩනැගීම සඳහා මෙය ප්‍රබල සහයෝගයක් සපයන බව, Wang Wenbin මහතා එහිදී සඳහන් කළේ ය.

ගුවන් විදුලිය
20240506සඳුදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම