පලස්තීන ප්‍රශ්නයේදී චීනයේ කාර්යභාරය වෙනුවෙන් පැසසුම්
2023-12-06 11:24:44
Share with:

පලස්තීන ප්‍රශ්නයට විස්තීර්ණ හා සාධාරණ විසඳුමක් ලබා දීමේ දී චීනය වැඩි කාර්යභාරයක් ඉටු කරනු ඇතැයි පලස්තීනය අපේක්ෂා කරන බව පලස්තීන මුදල් අමාත්‍ය Shukri Bishara මහතා ඊයේ (5) ප්‍රකාශ කළේය.

පලස්තීනයේ චීන කාර්යාලයේ අධ්‍යක්ෂ Zeng Jixin මහතා ඊයේ (5) Shukri Bishara මහතා සමග චීන රජයෙන් පලස්තීන රජයට මුදල් ආධාර භාරදීමේ සහතිකයකට අත්සන් කළේය. Shukri Bishara මහතා පලස්තීන රජය වෙනුවෙන්, අර්බුදකාරී කාලවලදී සහය ලබා දීම සම්බන්ධයෙන් චීනයට අවංක ස්තූතිය පුද කළ අතර, පලස්තීන ජනතාවගේ සාධාරණ අරමුණ වෙනුවෙන් චීනය දක්වන අඛණ්ඩ සහයෝගය ද අගය කළේය.

චීනය මෑතකදී පලස්තීන-ඊශ්‍රායල ප්‍රශ්නය විසඳීම කෙරෙහි චීනයේ ස්ථාවරය පිළිබඳ ලේඛනය නිකුත් කරමින් ගැටුම අවසන් කිරීමට විස්තීර්ණ සහ සක්‍රිය සැලැස්මක් ඉදිරිපත් කළ බව Zeng Jixin මහතා පැවසීය. පූර්ණ සටන් විරාමයක් මගින් යුද්ධය සම්පූර්ණයෙන් අවසන් කිරීමටත්, සිවිල් වැසියන්ගේ ආරක්ෂාව සහතික කිරීමටත්, “ද්වි-රාජ්‍ය විසඳුම” ක්‍රියාත්මක කිරීම හරහා දේශපාලන විසඳුමක් සෙවීමටත් චීනය සෑමවිටම අඛණ්ඩ උත්සාහයක යෙදෙන බව ද හෙතෙම ප්‍රකාශ කර ඇත.

ගුවන් විදුලිය
20240505ඉරිදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම