චීනය සම්බන්ධයෙන් බටහිර රටවල් දරන සංකල්පයන් වැරදි බව Elon Musk පවසයි
2023-12-06 15:27:14
Share with:

Lex Fridman යනු Podcast සම්මුඛ සාකච්ඡා වැඩසටහනකි.එම වැඩසටහනට එක්වන ආරාධිතයන් ඉහළ මට්ටමේ විද්‍යාඥයන්, තාක්ෂණික ප්‍රවීණයන්, ව්‍යවසායන් හෝ සමාජයේ ප්‍රසිද්ධ පුද්ගලයන්ය. Elon Musk මහතා පසුගිය දා එහි නව වැඩසටහනට එක්විය.එහිදී හෙතෙම චීනය ගැන සිය අවබෝධය විස්තර කළේය.

චීනය සැම විටම තම අභ්‍යත්තර කටයුතු වලට අවධානය යොමු කරන රටකි. චීනය වෙනත් රටවල හා ප්‍රදේශවල ව්‍යාප්තවාදය ක්‍රියාවට නංවන රටක් නොවේ.චීන ජනතාව අවධානය යොමු කරන දේ අතරින් සියයට 90ක්ම සිය රටේ කටයුතු බව හෙතෙම පැවසීය. 

සමස්ත චීනය හෝ සෑම චීන ජාතිකයෙකුම එකම සංකල්පයක් අනුගමනය කරන බව ඇමරිකානු හා බටහිර රටවල බොහෝ අය විශ්වාස කරති. චීන ජාතිකයින් "මොළ සෝදාගත්" අය ලෙස සලකා සෑම කෙනෙකුටම එකම අදහස ඇති අතර ඔවුන්ගේම කැමැත්තක් තිබිය නොහැකි බව ඔවුන්ගේ මතය වී තිබේ.එහෙත් එම අවබෝධය වැරදිය. චීනය "ඒක සංකල්පීය " රටක් නොවන බව හෙතෙම සඳහන් කළේය. එවැනි වැරදි අදහස් හා ක්‍රියාව, චීන ජනතාවට අවමාන කිරීමේ දරුණුතම ක්‍රියාවක් බව Elon Musk මහතා සඳහන් කර ඇත. එය චීන ජනතාවගේ ආත්මීය හැකියාව සහ ක්‍රියාකාරී හැකියාවන් අහිමි කරන්නක් බවද හෙතෙම කියා සිටියේය.

තායිවාන ප්‍රශ්නය සම්බන්ධයෙන් Elon Musk මහතා සිය අදහස් පළ කළේය. තායිවාන ප්‍රදේශය ඉතා වැදගත් කොට සැලකන චීනය සැම විටම එම ස්ථාවරය පැහැදිලිව ප්‍රකාශ කර ඇත. තායිවාන ප්‍රදේශය එක්සත් කිරීම සියයට සියයක් සිදු විය යුතු දෙයක් බව හෙතෙම සඳහන් කළේය.  

ගුවන් විදුලිය
20240506සඳුදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම