ජනාධිපතිවරයා සහ ඇමරිකා ජනාධිපතිවරයා ගේ දේශගුණික විපර්යාස පිළිබඳ විශේෂ නියෝජිතයා අතර හමුවක්
2023-12-05 15:44:51
Share with:

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ ඇමරිකා ජනාධිපති ජෝ බයිඩන් මහතාගේ දේශගුණික විපර්යාස පිළිබඳ විශේෂ නියෝජිත ජෝන් කෙරී මහතා අතර හමුවක් ඩුබායිහි දී සිදුවෙයි

එහිදී නව්‍ය මුලපිරීම් තුළින් දේශගුණික විපර්යාසවලට එරෙහිව සටන් කිරීමට ශ්‍රී ලංකාවේ කැපවීම ජනාධිපතිවරයා අවධාරණය කළේය.
ශ්‍රී ලංකාවේ පිහිටුවීමට යෝජිත දේශගුණික විපර්යාස පිළිබඳ විශ්වවිද්‍යාලයේ කටයුතු මෙන්ම දේශගුණික අභියෝගවලට තිරසර විසදුම් ක්‍රියාත්මක කිරීම සඳහා ශ්‍රී ලංකාව සකස් කර ඇති විස්තීරණ සැලැස්ම පිළිබඳවද ජනාධිපතිවරයා මෙහිදී කරුණු පැහැදිළි කළේය.
දේශගුණික විපර්යාසවලට ඵලදායී ලෙස මුහුණ දීම සඳහා අවශ්‍ය අරමුදල් රැස්කිරීමේ තීරණාත්මක ගැටලුව පිළිබඳව ද මෙහිදී විශේෂ අවධානය යොමු විය.
දේශගුණික විපර්යාසයන්ට එරෙහිව සටන් කිරීමේදී ශ්‍රී ලංකාවේ කැපවීම සහ ඒ සඳහා ආරම්භ කර ඇති වැඩපිළිවෙල සියැසින් දැක බලා ගැනීමට නුදුරේදීම ශ්‍රී ලංකාවේ සංචාරයක නිරතවන ලෙස ද ජනාධිපතිවරයා මෙහිදී ජෝන් කෙරී මහතාට ආරාධනා කර සිටියේය.

 

ගුවන් විදුලිය
20240502බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම