චීන ජාතික මහජන කොංග්‍රස නියෝජිතයන්ගේ යෝජනා ක්‍රියාවට නැංවීමේ තත්ත්වය පිළිබඳ වැඩමුළුවක්
2023-12-05 16:49:21
Share with:

චීන ජාතික මහජන කොංග්‍රස නියෝජිතයන්ගේ යෝජනා ක්‍රියාවට නැංවීමේ තත්ත්වය පිළිබඳ වැඩමුළුව අද(5) Hebei පළාතේ Zhengding කෝර‍ළයේ දී පැවැත්විණ.  පසුගිය මාර්තු මස පැවති 14 වැනි චීන ජාතික මහජන කොංග්‍රසයේ පළමු වැනි සැසිවාරයේදී නීත්‍යනුකූලව නියෝජිතයන් සිය වගකීම භාර ගනිමින් යෝජනා 8314ක් ඉදිරිපත් කර තිබේ. එම යෝජනා වෙන් වෙන් ව ආයතන 204කට භාර දෙමින් ක්‍රියාවට නංවා තිබේ. විවිධ පාර්ශ්වයන්ගේ පොදු උත්සාහ මගින් එම යෝජනා සම්පූර්ණයෙන්ම අවසන් කර අදාළ ප්‍රතිචාර නියෝජිතයන්ට ලබා දී ඇති බව එම වැඩමුළුවේදී සඳහන් විය.

ගුවන් විදුලිය
20240501බදාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම