5වන ලෝක මාධ්‍ය සමුළුවෙන් ඒකාබද්ධ නිවේදනයක්
2023-12-05 16:22:37
Share with:

5වන ලෝක මාධ්‍ය සමුළුව ඒකාබද්ධ නිවේදනයක් නිකුත් කරයි.ග්වන්චෝ නගර‍යේ  පැවති ආරම්භක හා පූර්ණ සැසිවාරයේ දී එම නිවේදනය නිකුත් කෙරිණ.ආයතන 200කට ආසන්න සංඛ්‍යාවකින් නියෝජිතයෝ 450කට අධික පිරිසක් ඊට එක්ව සිටිති.ඔවුහූ රටවල් හා කලාප සියයකට අධික සංඛ්‍යාවක මාධ්‍ය ආයතන,විද්වත් පර්ෂද සහ ජාත්‍යන්තර සංවිධාන නියෝජනය කරති. “ගෝලීය විශ්වාසය වර්ධනය , මාධ්‍ය සංවර්ධනය ප්‍රවර්ධනය” යන මැයෙන් සමුළුව පැවැත්වේ . මානව සංවර්ධනයේ හා ආරක්ෂාව ප්‍රවර්ධනයේ දී මාධ්‍ය කාර්ය භාරය ඇතුළු උප තේමා ද එහිදී අවධානයට ලක්කෙරෙන බව එම ඒකාබද්ධ නිවේදනය සඳහන් කරයි.සියවසකින් නොදුටු වෙනස්කම්වලට ලෝකය මුහුණ දී සිටී.ලෝකය මුහුණ දෙන ප්‍රශ්ණවලට පිළිතුරු සෙවීමට ‍ගෝලීය මාධ්‍ය විසින් සංනිවේදන පාලමක් ගොඩනැංවිය යුතු බවද එහි සඳහන් වෙයි.සංවර්ධනය වෙමින් පවතින රටවල දිළිඳුභාවය අඩු කිරීම, ආහාර ආරක්ෂාව,සංවර්ධනය හා කර්මාන්තකරණය වෙනුවෙන් මූල්‍යකරණය වැනි අංශවලදී ගෝලීය මාධ්‍ය වැඩි අවධානයක් යොමු කළ යුතු බවද එම ඒකාබද්ධ නිවේදනය කියා සිටී.තොරතුරු යුගයේ  නව තාක්ෂණයන්හී වේගවත් සංවර්ධනය හමුවේ ගෝලීය මාධ්‍ය, ජනමාධ්‍ය ආචාර  ධර්මයන් මත එල්බ සිටිමින් වෘත්තීයමය තත්ත්වයන් ආ‍රක්ෂා කර ගත යුතු බවද එහි සඳහන් වෙයි.ගෝලීය මාධ්‍ය සංවිධාන අතර සහ‍යෝගිතාවන් ශක්තිමත් කිරීමේ අවශ්‍යතාවද සමුළුවට සහභාගීවී  සිටින නියෝජිතයෝ පෙන්වා දෙති.මෙම සමුළුව මගින්  ගෝලීය මාධ්‍ය අතර සම්මුතියක් ගොඩ නැංවීම,උසස් මට්ටටේ සංවර්ධනයක් වෙනුවෙන් එක්ව  ක්‍රියා කිරීම හා පොදු ඉරණමක් සහිත මානව ප්‍රජාවක් ගොඩ නැංවීම වෙනුවෙන් ප්‍රබල මාධ්‍ය ශක්තියක් ලබා දීමට හැකිවනු ඇතැයි අපේක්ෂා කෙරේ.

 

ගුවන් විදුලිය
20240501බදාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම