චීනය රටවල් හයක් සඳහා ක්‍රියාත්මක කළ වීසා රහිත ප්‍රතිපත්තියෙන් සාර්ථක ප්‍රතිඵල
2023-12-05 19:04:14
Share with:

මෙම මස පළමුවැනිදා සිට, චීනය රටවල් හයක් සඳහා වීසා රහිත ප්‍රවේශ ප්‍රතිපත්තියක් ක්‍රියාත්මක කර තිබේ. ඒ, ප්‍රංශය, ජර්මනිය, ඉතාලිය, නෙදර්ලන්තය, ස්පාඤ්ඤය සහ මැලේසියාව වෙනුවෙනි.

මේ පිළිබඳ චීන විදේශ අමාත්‍යංශ ප්‍රකාශක Wang Wenbin මහතා පෙන්වා දුන්නේ, චීනය එම රටවල් හය සඳහා ක්‍රියාත්මක කළ ඒකපාර්ශ්වික වීසා රහිත  ප්‍රවේශ ප්‍රතිපත්තිය, ධනාත්මක ප්‍රතිඵල අත්කර ගෙන ඇති බවයි. චීන ජාතික සංක්‍රමණ පරිපාලනයේ සංඛ්‍යාලේඛනවලට අනුව, මෙම මස පළමුවැනිදා සිට 3වැනිදා දක්වා, මෙම රටවල් හයෙන් 18,000කට ආසන්න පිරිසක් චීනයට පැමිණ ඇති අතර, එය අඛණ්ඩව ඉහළ යමින් පවතී. ඒ අතරින් 7000කට ආසන්න පිරිසක් වීසා නොමැතිව චීනයට පැමිණියහ. මෙය එම රටවල් හයෙන් චීනයට පැමිණි මුළු සංඛ්‍යාවෙන් 39% කි. මීළඟ පියවරේදී, චීන විදේශ අමාත්‍යංශය වීසා ප්‍රතිපත්ති අඛණ්ඩව ප්‍රශස්ත කිරීමෙන් ක්‍රියාකාරීව හිතකර කොන්දේසි නිර්මාණය කරනු ඇති බවත්, චීනය සහ විදේශ රටවල් අතර මානව  හුවමාරු සඳහා වැඩි පහසුවක් සලසා දෙනු ඇති බවත්, Wang Wenbin මහතා සඳහන් කළේ ය.

ගුවන් විදුලිය
20240502බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම