ඉන්දීය හමුදා සාමාජිකයන් මාලදිවයින් රාජ්‍යයෙන් ඉවත් කෙරේ
2023-12-05 09:52:06
Share with:

ඉන්දීය හමුදා සාමාජිකයන් මාලදිවයින් රාජ්‍යයෙන් ඉවත් කිරීම සම්බන්ධයෙන් ඉන්දියාව සමග ගිවිසුමකට එකඟ වූ බව මාලදිවයින් ජනාධිපතිවරයා පවසයි. 

මාලදිවයින් ජනාධිපති කාර්යාලය පසුගිය 3 වනදා නිකුත් කළ නිවේදනයේ දැක්වෙන්නේ, විදේශ සංචාරය අවසන් වී යළි රටට පැමිණි ජනාධිපති Mohamed Muizzu මහතා Velana ජාත්‍යන්තර ගුවන් තොටුපළේ පැවති මාධ්‍ය හමුවීමේදී මේ බව ප්‍රකාශ කළ බවයි. ඉන්දීය රජය සමග ඵලදායී සාකච්ඡා හා සංවාද මාලාවක් පැවැත්වීමෙන් පසු ඉන්දියානු යුද හමුදා සාමාජිකයින් මාලදිවයින රාජ්‍යයෙන් ඉවත් කිරීමට දෙපාර්ශ්වය ගිවිසුමකට අත්සන් තැබූ බව ජනාධිපතිවරයා එහිදී සඳහන් කර ඇත. 

මේ අනුව මාලදිවයින් ජනතාවගේ අභිලාෂයන්ට ගරු කරමින් මාලදිවයින් භූමියෙන් සිය ඉන්දීය යුද හමුදා සාමාජිකයන් ඉවත් කර ගැනීමට සූදානම් බවට ඉන්දියාව ප්‍රතිඥා ලබා දී ඇත. අදාළ යුද හමුදා සාමාජිකයන් ඉවත් කිරීම් කඩිනමින් අවසන් කරනු ඇතැයි මාලදිවයින් රජය අපේක්ෂා කරන බවද හෙතෙම පැවසීය. 

Mohamed Muizzu මහතා පසුගිය 17 වනදා මාලදිවයින් ජනාධිපති ධුරයට පත්විය. මාලදිවයින තුළ කිසිදු විදේශ යුද හමුදා කණ්ඩායමකට රැඳී සිටීමට ඉඩක් නොමැති අතර මාලදිවයිනේ ස්වාධිපත්‍යය හා නිදහස සහතික කිරීම පිළිබඳව ඔහු ජනාධිපති ධුරයේ දිවුරුම් දීමේදී ප්‍රතිඥා ලබා දී ඇත.   

ගුවන් විදුලිය
20240506සඳුදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම