ගාසා තීරයට චීනයේ හදිසි මානුෂීය ආධාර භාරදීම සහතික කෙරේ
2023-12-05 10:15:56
Share with:

‘චීන රජය සහ පලස්තීන රජය අතර ගාසා තීරයට හදිසි මානුෂීය ද්‍රව්‍ය ආධාර භාරදීමේ සහතිකය ’ අත්සන් කිරීමේ උත්සවය පසුගියදා ඊජිප්තුවේ අගනුවර වන කයිරෝ නුවරදී පැවැත්විණ. ඊජිප්තුවේ චීන තානාපති Liao Liqiang, ඊජිප්තුවේ පලස්තීන තානාපති Diab Al-Louh සහ ඊජිප්තු රතු ක්‍රෙසන්ට් සංගමයේ අධ්‍යක්ෂ ජනරාල් Rami Jameel Al Nadher යන මහත්වරු මෙම උත්සවයට එක් වූහ.

පලස්තීන-ඊශ්‍රායල් ගැටුම ආරම්භ වීමේ සිට මේ දක්වා චීනය වගකීමක් සහිත දැවැන්ත රටක් ලෙස සිය කාර්යභාරයන් නිසි ලෙස ඉටු කර ඇති බව Liao Liqiang මහතා එහිදී පැවසීය. ඊජිප්තුව හරහා ගාසා තීරයට ආහාර, ඖෂධ සහ අනෙකුත් හදිසි මානුෂීය ද්‍රව්‍ය ආධාර සපයන බව චීනය මීට පෙර නිවේදනය කළේ ය. මෑතකදී විවිධ ආහාර සහ පානීය ජලය ඇතුළු සැපයුම් ට්‍රක් රථ අටක් එල්-අරිෂ් වෙත ප්‍රවාහනය කර ඇති අතර ඒවා රෆා වරාය හරහා ගාසා තීරයට ප්‍රවාහනය කෙරෙනු ඇත. ඊජිප්තු රතු ක්‍රෙසන්ට් සංගමය ලබා දෙන ක්‍රියාකාරී සහායට කෘතඥතාව පළ කරන බව ද Liao Liqiang මහතා එහිදී සඳහන් කළේ ය.

පලස්තීන ජනතාවගේ සාධාරණ අරමුණ වෙනුවෙන් චීනය ලබා දෙන දැඩි සහයෝගය පලස්තීනය බෙහෙවින් අගය කරන බව ඊජිප්තුවේ පලස්තීන තානාපතිවරයා එහිදී පැවසීය. මෙවැනි තීරණාත්මක අවස්ථාවක මිත්‍රශීලී චීන රජය සහ ජනතාව ගාසා තීරයට හදිසි මානුෂීය ආධාර සැපයීම අඛණ්ඩව සිදු කර ඇති අතර පලස්තීන රජය සහ ජනතාව චීනයට සිය කෘතඥතාව සහ ගෞරවය පළ කරන බව ද ඔහු ප්‍රකාශ කර ඇත.

ගුවන් විදුලිය
20240506සඳුදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම