චීනයේ සහායෙන් ඊජිප්තු චන්ද්‍රිකාවක් උඩු ගුවනට
2023-12-04 16:39:31
Share with:

ඊජිප්තුවේ දුරස්ථ සංවේදී චන්ද්‍රිකාවක් කක්ෂ ගත කිරීමට චීනය සහාය වෙයි.එම චන්ද්‍රිකාව චීනයේ ජියුචුවාන් චන්ද්‍රිකා නිකුත් කිරීමේ මධ්‍යස්ථානයෙන් සඳුදා උඩු ගුවනට යැවිණ.ලොන්ග් මාච්2 C රොකට්ටුවෙන් රැගෙන ගිය එම චන්ද්‍රිකාව ඊජිප්තුවේ ඉඩම් හා සම්පත් භාවිතය,ජල සංරක්ෂණය,කෘෂිකර්මය ඇතුළු සෙසු ක්ෂේත්‍ර වෙනුවෙන් භාවිතයට ගැනෙනු ඇත. MISRSAT-2 චන්ද්‍රිකාව චීනය හා ඊජිප්තුව අතර  උසස් තාක්ෂණ අභ්‍යාවකාශ ගැඹුරු සහයෝගාතවේ සංදිස්ථානාත්මක ව්‍යාපෘතියක් ලෙසට සැලකේ.මෙවර ගමන ලෝන්ග්මාච් ප්‍රවාහක රොකට්ටු මාලාවේ 499 වන ගමනයි.ඊජිප්තු චන්ද්‍රිකාවට අමතරව තවත් චන්ද්‍රිකා දෙකක් ඒ සමග උඩු ගුවනට යැවිණ.

ගුවන් විදුලිය
20240501බදාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම