මෙරට සෞඛ්‍ය සේවාවේ ක්ෂේත්‍ර රැසක් වෙනුවෙන් සහාය ලබාදීමට ලෝක සෞඛ්‍ය සංවිධානය එකඟතාව
2023-12-04 16:27:41
Share with:

මෙරට සෞඛ්‍ය සේවාවේ ක්ෂේත්‍ර රැසක අභිවෘද්ධිය සදහා මුල්‍ය හා තාක්ෂණික සහාය ලබාදීමට ලෝක සෞඛ්‍ය සංවිධානය එකඟතාව පළ කරයි.

සෞඛ්‍ය ලේකම් විශේෂඥ වෛද්‍ය පාලිත මහීපාල මහතා සහ ලෝක සෞඛ්‍ය සංවිධානයේ මෙරට නිත්‍ය නියෝජිත ආචාර්ය අලකා සිං මහත්මිය අතර පැවති  විශේෂ හමුවක දී මෙම එකඟතාව පළවිය.

ඒ අනුව ඩෙංගු රෝගය මර්දනය සදහා අවශ්‍ය තාක්ෂණික සහ ව්‍යාපෘති සදහා සහයෝගය ලබාදීම, ප්‍රතිජීවක ඖෂධ හේතුවෙන් ඇතිවන ප්‍රතිරෝදයන වළක්වා ගැනීම සදහා සහයෝගය ලබාදීම, ඉදිරි වසර 10 ක කාලය සදහා සෞඛ්‍ය ප්‍රතිපත්ති සකස් කිරිමට අවශ්‍ය දත්ත විශ්ලේෂණය, ජාතික ඖෂධ නියාමන අධිකාරියේ (NMRA) කාර්ය මණ්ඩල සදහා අවශ්‍ය තාක්ෂණික සහ කුසලතා වර්ධනය සදහා අවශ්‍ය සහයෝගය ලබාදීමට ලෝක සෞඛ්‍ය සංවිධානය කටයුතු කරනු ඇත.

ගුවන් විදුලිය
20240502බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම