සටන් විරාමය කඩ කර තෙවන දිනය වන විට ගාසා තීරයට ඊශ්‍රායල හමුදාවෙන් අඛණ්ඩ ප්‍රහාර
2023-12-04 10:31:52
Share with:

දෙසැම්බර් තුන්වනදා පලස්තීන-ඊශ්‍රායල් ගැටුමේ දෙපාර්ශ්වය අතර සටන් විරාමය අවසන් වී නැවත හමුදා ගැටුමක් ආරම්භ කෙරුණු තෙවන දිනය විය. එදින ඊශ්‍රායල හමුදාව ගාසා තීරයට ගුවන් ප්‍රහාර අඛණ්ඩව එල්ල කළ අතර Khan Yunis නගරයේදී ගොඩබිම් හමුදා මෙහෙයුම් දියත් කළේය.

ඊශ්‍රායල ජාතිකාරක්ෂක හමුදා ඊනියා ‘ගාසා අවහිර කොට අනතුරු ඇඟවීමේ සිතියමක්’ නිකුත් කළ බව චීන මාධ්‍ය සමූහයේ වාර්තාකරුවෙක් පැවසීය. ඒ අනුව ගාසා තීරය ප්‍රදේශ සිය ගණනකට බෙදා ඇති අතර ඊශ්‍රායල හමුදා ප්‍රහාරවලට අනුව වෙනත් ස්ථානවලට සංක්‍රමණය කර ගන්නා ලෙස ඊශ්‍රායල හමුදාව ගාසාහි ජනතාවගෙන් ඉල්ලා තිබේ. නමුත්, බෝම්බ හෙලීම, නවාතැන් නොමැති වීම, ආහාර හා තෙල් හිඟකම හේතුවෙන් යටිතල පහසුකම් නොමැති ගාසා තීරයේ වැසියන්ට සංක්‍රමණය වීම අපහසු වී ඇත.

හමාස් සංවිධානයේ ජ්‍යෙෂ්ඨ සාමාජිකයෙකු වන Osama Hamdan ඊයේ(3) නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියේ ඊශ්‍රායල හමුදාව විසින් ගාසා තීරයේ, ජෝර්දාන් ගංගාවේ බටහිර ඉවුරේ සහ වෙනත් ස්ථානවල සිදුකරන හමුදා මෙහෙයුම් විවිධ මැදිහත්කරුවන් විසින් ප්‍රවර්ධනය කරන ලද සටන් විරාම සාකච්ඡා ක්‍රියාවලියට බාධාවක් වී ඇති බවයි. එසේම, ඊශ්‍රායල හමුදාව සටන් විරාම ගිවිසුම කඩ කරමින් ගාසා තීරයට ගුවන් ප්‍රහාර එල්ල කළ බවට ඔහු චෝදනා කළේය.

ගුවන් විදුලිය
20240506සඳුදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම