ගෝලීය දේශගුණ හා පරිසර පාලනය පිළිබඳ චීනයේ යෝජනා පොදු පිළිගැනීමට ලක්වෙයි
2023-12-04 18:34:57
Share with:

චීන ජනාධිපති ෂී ජින්පිං මහතාගේ විශේෂ නියෝජිත, චීන කොමියුනිස්ට් පක්ෂයේ මධ්‍යම කාරක සභාවේ දේශපාලන කාර්යාංශයේ ස්ථාවර කමිටු සාමාජික, උප අගමැති ඩිං ශුයිෂියාන්ග් මහතා පසුගිය 30වනදා සිට දෙසැම්බර් 2වනදා දක්වා Dubai නග‍රයේ පැවති ගෝලීය දේශගුණ විපර්යාසයන්ට මුහුණ දීමේ ක්‍රියාකාරී සමුළුවට එක් වෙමින් දේශනයක් සිදු කළ බව චීන විදේශ අමාත්‍යංශ ප්‍රකාශක Wang Wenbing මහතා අද(4) පැවති නිත්‍ය මාධ්‍ය හමුවේදී පැවසීය. සිය පොරොන්දු සුරකිමින් චීනය අඛණ්ඩව ගෝලීය දේශගුණ පාලනය වෙනුවෙන් වැදගත් දායකත්වය දරන බව ඩිං ශුයිෂියාන්ග් මහතා එම දේශනයේ සඳහන් කළේය. ඩිං ශුයිෂියාන්ග් මහතාගේ දේශනයෙන් දැවැන්ත රටක් ලෙස චීනය සක්‍රීය ලෙස දේශගුණ විපර්යාසයට ප්‍රතිචාර දැක්වීම හා ගෝලීය දේශගුණ පාලනය මෙහෙයවීමේ වගකීම භාර ගැනීම පිළිබිඹු වී තිබේ.

එම සමුළුවේදී “G77 කණ්ඩායම සහ චීනය”දේශගුණ විපර්යාස නායකයින්ගේ සමුළුවට ශුයිෂියාන්ග් මහතා එක් වෙමින් වෙන් වෙන් ව එක්සත් අරාබි එමිර් රාජ්‍ය ජනාධිපති Mohammedbin Zayed al-Nahyan මහතා, සැම්බියා ජනාධිපති Hakainde Hichilema මහතා, කියුබා ජනාධිපති Miguel Díaz-Canel Bermúdez මහතා, මාලදිවයින ජනාධිපති Mohamed Muizzu මහතා හා එක්සත් ජාතීන්ගේ මහ ලේකම් António Guterres මහතා හමු වී තිබේ. ‍ගෝලීය දේශගුණ හා පරිසර පාලනය පිළිබඳ චීනයේ යෝජනා ශුයිෂියාන්ග් මහතා එහිදී පැහැදිලි කළේය. එය විවිධ පාර්ශ්වයන්ගේ පොදු පිළිගැනීමට ලක්ව තිබේ.

ගුවන් විදුලිය
20240501බදාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම