චීන-සිංගප්පූරු නියෝජ්‍ය අගමැති මට්ටමේ ද්විපාර්ශ්වික සහයෝගිතා යාන්ත්‍රණ රැස්වීම ළඟදීම
2023-12-04 20:03:04
Share with:

චීන-සිංගප්පූරු නියෝජ්‍ය අගමැති මට්ටමේ ද්විපාර්ශ්වික සහයෝගිතා යාන්ත්‍රණ රැස්වීම ළඟදීම පැවැත්වෙනු ඇතැයි, චීන විදේශ අමාත්‍යංශ ප්‍රකාශක Wang Wenbin මහතා අද(4) පැවති මාධ්‍ය හමුවකදී කියා සිටියේ ය. මෙම වසරේ රැස්වීම දෙරටේ නායකයින් විසින් ඇති කර ගත් වැදගත් සම්මුතීන් ක්‍රියාත්මක කිරීම ප්‍රවර්ධනය කෙරෙනු ඇති අතර, චීන-සිංගප්පූරු සබඳතාවල නව ස්ථානගත කිරීම ඒකාබද්ධව ක්‍රියාත්මක කරනු ඇතැයි ද ඔහු පැවසීය.

සිංගප්පූරු නියෝජ්‍ය අගමැති හා මුදල් ඇමති Lawrence Wong මහතා හෙට(5) සිට 8වැනිදා දක්වා චීනයේ සංචාරයක් නිරතවීමට නියමිතව තිබේ. චීන නියෝජ්‍ය අග්‍රාමාත්‍ය Ding Xuexiang මහතා ලබන 7 වැනිදා Tianjin නගරයේදී, Lawrence Wong මහතා සමඟ සමුළු 4ක සම සභාපතිත්වය දරනු ඇත. ඒ, චීන-සිංගප්පූරු ද්විපාර්ශ්වික සහයෝගීතාව පිළිබඳ ඒකාබද්ධ කමිටුවේ 19 වැනි රැස්වීම, චීන-සිංගප්පූරු Suzhou කාර්මික උද්‍යාන ඒකාබද්ධ සම්බන්ධීකරණ කවුන්සිලයේ 24 වැනි රැස්වීම, චීන-සිංගප්පූරු Tianjin පරිසර නගර ඒකාබද්ධ සම්බන්ධීකරණ කවුන්සිලයේ 15 වැනි රැස්වීම, චීන-සිංගප්පූරු Chongqing උපාය මාර්ගික සම්බන්ධතා ආදර්ශ ව්‍යාපෘතියේ ඒකාබද්ධ සම්බන්ධීකරණ කවුන්සිලයේ හත්වැනි රැස්වීම යන රැස්වීම්ය.  

ගුවන් විදුලිය
20240502බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම