2023 Imperial Springs ජාත්‍යන්තර සාකච්ඡා සභාව ඇරඹේ
2023-12-04 17:05:08
Share with:

2023 Imperial Springs ජාත්‍යන්තර සාකච්ඡා සභාව අද (4) ඇරඹිණ. චීන උප ජනාධිපති Han Zheng මහතා එම සමාරම්භක උත්සවයට එක් වෙමින් දේශනයක් සිදු කළේය. එහිදී චීන ජනාධිපති ෂී ජින් පිං මහතා එම සාකච්ඡා සභාව වෙත පිරිනැමූ සුභපැතුම් පණිවුඩය ඉදිරිපත් කෙරිණ.

චීන ජනාධිපති ෂී ජින් පිං මහතා බහුපාර්ශ්වාදයේ හරය ගැඹුරින් හඳුන්වාදීමෙන් බහුපාර්ශ්වවාදය ආරක්ෂා කිරීම හා අනුගමනය කිරීම වෙනුවෙන් ඉදිරි දිශාව පැහැදිලි කරන බව Han Zheng මහතා එහිදී පැවසීය. වර්තමානයේ දී අන්කවර දේටත් වඩා බහුපාර්ශ්වවාදයේ හරය හා මූල ධර්මයේ එල්බ සිටිය යුතු ය. බහුපාර්ශ්වවාදයට මුලපුරන පාර්ශ්වය පමණක් නොව චීනය එය ක්‍රියාවට නංවන පාර්ශ්වයද වේ. සාමකාමීව වර්ධන මාවත අනුගමනය කරමින් විවිධ රටවල් සමග වඩාත් සුන්දර අනාගතයක් බිහි කිරීමට චීනය කැමැත්තෙන් සිටින බව Han Zheng මහතා අවධාරණය කළේය.

ගුවන් විදුලිය
20240501බදාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම