‘2023 Imperial Springs ජාත්‍යන්තර සාකච්ඡා මණ්ඩපය’ට චීන ජනපතිගෙන් සුබ පැතුම්
2023-12-04 11:29:55
Share with:

චීන ජනාධිපති ෂී ජින් පිං මහතා අද (04) 2023 Imperial Springs ජාත්‍යන්තර සාකච්ඡා මණ්ඩපය වෙත සුබ පැතුම් පණිවුඩයක් යොමු කර ඇත.

Imperial Springs ජාත්‍යන්තර සාකච්ඡා මණ්ඩපයෙන් ලෝකයේ තීක්ෂණ බුද්ධියක් සහිත දූරදර්ශී පුද්ගලයන් ඒකරාශී වී ලෝක සාමය, ස්ථාවරත්වය, තිරසර ආර්ථීක සංවර්ධනය, සංස්කෘතික හුවමාරු හා අන්‍යෝන්‍ය ඉගෙනුම වැනි කරුණු පිළිබඳව ගැඹුරු ලෙස සාකච්ඡා කර ඇත. එය ජාත්‍යන්තර සහයෝගීතාව මෙන්ම ජනතාව අතර අන්‍යෝන්‍ය අවබෝධය ප්‍රවර්ධනය කිරීමට සක්‍රිය කාර්යභාරයක් ඉටු කළ බවද ෂී ජින් පිං මහතා එහිදී සඳහන් කළේය.

ලෝකයේ විවිධ යුගයන්හි හා ඉතිහාසයේ කිසිදා නොවූ වෙනස්කම් හමුවේ මානව සමාජය එක්සත් විය යුතුය. අන්‍යෝන්‍ය ඉගෙනුම්, විවෘතභාවය, අවබෝධය සහ සහයෝගීතා සමගින් සමස්ත මානවයන්ගේ පොදු වටිනාකම් සුරකින වඩා සුන්දර ලෝකයක් ගොඩනැගිය යුතු බවද හෙතෙම අවධාරණය කළේය. එම සාකච්ඡා මණ්ඩපයට සහභාගී වූ සියළු අමුත්තන්ගේ බුද්ධිය හා සංකල්පයන්ගේ සංයෝජනයෙන් සැබෑ බහුපාර්ශ්විකවාදය ක්‍රියාත්මක කිරීමට හඬක් නංවමින් පොදු ඉරණමක් සහිත මානව ප්‍රජාවක් ගොඩනැගීම ප්‍රවර්ධනයට දායකත්වය ලබා දීමට අපේක්ෂා කරන බව ද ෂී ජින් පිං මහතා සිය සුබපැතුම් පණිවුඩයෙන් ප්‍රකාශ කර ඇත.

2023 Imperial Springs ජාත්‍යන්තර සාකච්ඡා මණ්ඩපය අද (4) දකුණු චීනයේ Guangzhou නගරයේ දී ආරම්භ කෙරිණ. “බහුපාර්ශ්විකවාදය- අදහස් හුවමාරු කිරීම ප්‍රවර්ධනය, අවබෝධය සහ සහයෝගීතාව ” මෙවර සාකච්ඡා මණ්ඩපයේ තේමාවයි. 

ගුවන් විදුලිය
20240501බදාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම