දකුණු චීන මුහුදේ සාමය හා ස්ථාවරය තරයේ ආරක්ෂා කරන බව චීනය පවසයි
2023-12-04 10:52:56
Share with:

ඇමරිකාව දකුණු චීන මුහුදට අනවසරයෙන් ඇතුළු වීම චීනයේ  ස්වෛරීත්වය උල්ලංඝනය කිරීමක් බව චීනය පවසයි.

අද (4) ඇමරිකාවේ Giffords සටන් නෞකාව චීන රජයේ අවසරයෙන් තොරව නීති විරෝධීව දකුණු චීන මුහුදේ Ren'ai ගල්පර ආශ්‍රිත ප්‍රදේශයට ඇතුල් විය. චීන මහජන විමුක්ති හමුදාවේ දක්ෂිණ සේනාංකය නාවික හමුදා සංවිධාන කරමින් එය පසුපස හඹා යමින් නිරීක්ෂණය කළ බව දක්ෂිණ සේනාංකයේ පුවත් ප්‍රකාශක Tian Junli මහතා පවසා ඇත.

දකුණු චීන මුහුදට අනවසරයෙන් ඇතුළු වීමේ ඇමරිකාවේ උත්සාහය චීනයේ ස්වෛරීත්වය හා ආරක්ෂාව, ජාත්‍යන්තර නීතිය හා ජාත්‍යන්තර සම්බන්ධතාවේ මූලික මූලධර්මයන් තරයේ උල්ලංඝනය කිරීමක් වන අතර, කලාපීය සාමය හා ස්ථාවරත්වයට හානි කරන බව ද හෙතෙම කීය. දකුණු චීන මුහුදේ දූපත් හා ආසන්න මුහුදු ප්‍රදේශයේ චීනයේ ස්වෛරීත්වය නිසැක බවත්, රටේ ස්වෛරීත්වය හා කලාපීය සාමය ආරක්ෂා කිරීම සඳහා දක්ෂිණ සේනාංකයේ හමුදාව සැමවිට ම සූදානමින් සිටින බවත් Tian Junli මහතා අවධාරණය කළේය.

ගුවන් විදුලිය
20240501බදාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම