දරුවන්ගේ සුරක්ෂිත බව වෙනුවෙන් එක්සත් ජාතීන්ගේ ළමා අරමුදල සහ ලිබියාව නව සැලැස්මකට අත්සන් කරයි
2023-12-04 10:47:53
Share with:

දරුවන්ගේ සුරක්ෂිත බව වෙනුවෙන් එක්සත් ජාතීන්ගේ ළමා අරමුදල සහ ලිබියාව නව සැලැස්මකට අත්සන් කරයි.

දරුවන්ගේ අධිකරණ ආරක්ෂාව ශක්තිමත් කිරීමේ අරමුණින් නව සැලැස්මක් ලිබියාවේ රජය සමග අත්සන් කළ බව ලිබියාවේ එක්සත් ජාතීන්ගේ ළමා අරමුදලේ කාර්යාලය පසුගිය 3 වැනිදා නිවේදනයක් නිකුත් කරමින් කියාසිටියේය.  

‘එක්සත් ජාතීන්ගේ ළමා අයිතිවාසිකම් පිළිබඳ සම්මුතිය’ට අනුව මෙම සැලැස්ම සකස් කර ඇති අතර ලිබියාවේ දරුවන්ගේ අධිකරණ ආරක්ෂාව ශක්තිමත් කිරීම මෙම සැලැස්මේ අරමුණ වන බව එම නිවේදනයේ දැක්වෙයි. මෙම සැලැස්ම එක්සත් ජාතීන්ගේ ළමා අරමුදල සහ ලිබියා රජය අතර පවතින සාර්ථක සහයෝගීතාවය නියෝජනය කරනු ඇත. ලිබියාවේ දරුවන්ගේ අයිතිවාසිකම් සහ යහපැවැත්ම ආරක්ෂා කිරීම සඳහා අඛණ්ඩ සහයෝගීතාවයෙන් කටයුතු කිරීමට දෙපාර්ශ්වයම අපේක්ෂා කරන බව ද එම නිවේදනය වැඩිදුරටත් සඳහන් කරයි.

2011 දී Muammar Gaddafi ගේ පාලනය පරාජය කිරීමෙන් පසු ලිබියාවේ තත්ත්වයේ යහපත් ප්‍රවණතාවයක් පෙන්නුම් නොකරයි. වසර ගණනාවක් තිස්සේ පැවති යුදමය තත්ත්වය හේතුවෙන් ලිබියාවේ දරුවන් විශාල සංඛ්‍යාවකගේ නීත්‍යානුකූල අයිතිවාසිකම් ඵලදායී ලෙස ආරක්ෂා කළ නොහැකි වී ඇත.

ගුවන් විදුලිය
20240506සඳුදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම