චීන ජනාධිපතිවරයා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ අධිකාරීත්වය අවධාරණය කරයි
2023-12-04 19:51:39
Share with:

චීන ජනාධිපති ෂී ජින් පිං මහතා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ අධිකාරීත්වය  අවධාරණය කරයි. චීනයේ 10වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා දිනය නිමිති කරගෙන චීන ජාතික මහජන කොංග්‍රසයේ ස්ථාවර කමිටු කාර්යාලය, චීන කොමියුනිස්ට් පක්ෂ මධ්‍යම කාරක සභාවේ ප්‍රචාරක දෙපාර්තමේන්තුව සහ චීන අධිකරණ අමාත්‍යාංශය ඒකාබද්ධ ව අද (4) වැඩමුළුවක් සංවිධාන කළේ ය. චීන ජාතික මහජන කොංග්‍රසයේ ස්ථාවර කමිටුවේ සභාපති චාඕ ල ජී මහතා ඊට එක් වෙමින් දේශනයක් පැවැත්වීය.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව පිළිබඳ ෂී ජින් පිං ජනාධිපතිවරයාගේ උපදෙස් එහිදී පහදා දෙනු ලැබිණ. රට පාලනය කිරීමේදී ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව පාලක චීන කොමියුනිස්ට් පක්ෂය වෙනුවෙන් මූලික නීතිමය සහතිකයක් ලබා දෙන බවත්, නව යුගයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ එම භූමිකාව වඩාත් සහතික කිරීම වැදගත්  බවත්, චීන ජනාධිපතිවරයා කියා සිටී. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ අධිකාරිය හා අභිමානය  රැක ගනිමින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව කේන්ද්‍රගත චීන ලක්ෂණවලින් යුත් සමාජවාදී නීති පද්ධතිය ගොඩ නැගීම කඩිනම් කළ යුතු බව චීන ජනාධිපතිවරයා උපදෙස් දී තිබේ.

ෂී ජින් පිං ජනාධිපතිවරයාගේ නව යුගයේ චීන ලක්ෂණවලින් යුත් සමාජවාදී චින්තනය මඟපෙන්වීම වශයෙන් සලකමින්, හෙතෙම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව පිළිබඳ ලබාදුන් උපදෙස් අනුව රටේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා පාලනය තහවුරු කළ යුතු බව චාඕ ල ජී මහතා සිය ‍දේශනයෙන් පෙන්වා දී ඇත.

ගුවන් විදුලිය
20240501බදාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම