චීන-බෙලරුසියා ජනපතිවරුන් අතර හමුවක්
2023-12-04 11:15:39
Share with:

චීන ජනාධිපති ෂී ජින්පිං මහතා බෙලරුසියානු ජනාධිපති Alexander Grigoryevich Lukashenko මහතා හමුවෙයි. එම හමුව අද(4) පෙරවරුවේ දියාඕයූටයි රාජ්‍ය ආගන්තුකාගාරයේ දී සිදුවිණ.

උපායමාර්ගික මට්ටමක සිට දූරදර්ශී ව චීන බෙලරුසියා සම්බන්ධතාවය දෙස අවධානය යොමු කරන චීනය සිය රටේ අනන්‍යතාවට ගැළපෙන සංවර්ධන මාර්ගය අනුගමනය කිරීමට බෙලරුසියාවට අඛණ්ඩ සහාය ලබා දෙන බව ෂී ජින්පිං මහතා එහිදී අවධාරණය කර ඇත. එසේම බාහිර බලවේග බෙලරුසියාවේ අභ්‍යන්තර කටයුතුවලට මැදිහත්වීම පිළිබඳ ව චීනය දැඩිව විරුද්ධ වේ. ද්විපාර්ශ්වීය සම්බන්ධතාවය තහවුරු කිරීම උදෙසා, උපායමාර්ගික සම්බන්ධීකරණය තවදුරටත් පුළුල් කරමින් අන්‍යෝන්‍ය වශයෙන් සහාය වෙමින් ප්‍රායෝගික සහයෝගිතා ප්‍රවර්ධනය කිරීමෙහි චීනය නියැළී සිටින බව ද ඔහු ප්‍රකාශ කර ඇත.

චීනය එක් තීරක් එක් මාවතක් වැඩපිළිවෙළ ඉහළ ගුණාත්මකභාවයෙන් යුතුව පොදුවේ සංවර්ධනය කිරීම උදෙසා වන ‘මෙහෙයුම් අටක්’ මෑතකදී තමා ඉදිරිපත් කළ බවත් බෙලරුසියාවට ඊට අඛණ්ඩව සහ සක්‍රිය ව එක්වෙමින් වඩාත් වැඩි ප්‍රායෝගික සංවර්ධන අවස්ථා හිමි කර ගැනීමට හැකි වනු ඇතැයි අපේක්ෂා කරන බවත් ඔහු පෙන්වා දී තිබේ.

 චීනය අඛණ්ඩව සංවර්ධනය වෙමින් බලවත් වීම බෙලරුසියාවේ අවංක අපේක්ෂාවක් බවත් එය ලෝකයේ සාමය හා සංවර්ධනයට හිතකර වන බවත් Lukashenko ජනාධිපතිවරයා එහිදී පැවසීය. ෂී ජින්පිං ජනාධිපතිවරයා ඉදිරිපත් කළ ‘එක් තීරයක් එක් මාවතක්’ ඇතුළු ‍ගෝලීය මුලපිරුම්, ජාත්‍යන්තර ප්‍රජාවේ පොදු අදහස් හා සහයෝගීතා සංකල්පය එක්රැස් වූ ශ්‍රේෂ්ඨ ප්‍රයත්නයන් බව බෙලරුසියාව ස්ථිර ලෙස විශ්වාස කරයි. සිය රට එම මුලපිරුම්වලට සක්‍රිය ව සහභාගි වනු ඇති බව ද Lukashenko මහතා එහිදී වැඩිදුරටත් ප්‍රකාශ කර ඇත.

ගුවන් විදුලිය
20240501බදාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම