ප්‍රථම ‘Liangzhu සංසදය’ට චීන ජනපතිගෙන් සුබ පැතුම්
2023-12-03 14:39:30
Share with:

චීන ජනාධිපති ෂී ජින්පිං මහතා ප්‍රථම ‘Liangzhu සංසදය’ට අද(03) සුබ පැතුම් පණිවුඩයක් යොමු කළේ ය.

ජනාධිපතිවරයා එහිදී පෙන්වා දෙන්නේ Liangzhu සංස්කෘතික නටඹුන් භූමිය වසර 5000කින් යුත් චීන ශිෂ්ටාචාරයේ මනා පිළිබිඹුවක් බවයි. ලෝක ශිෂ්ටාචාරයේ නිධානයක් වන්නේ ද මෙයයි.

අන්‍යෝන්‍ය ගෞරවය, එකමුතුව දුෂ්කරතා ජය ගැනීම මෙන් ම සහජීවනය ද මානව ශිෂ්ටාචාර සංවර්ධනය උදෙසා වන නිවැරදි මාර්ගය යි. විවිධ පාර්ශ්වයන්  ‘Liangzhu සංසදය’ යන වේදිකාව ප්‍රශස්ත ලෙස භාවිත කරමින් ‘එක් තීරයක් එක් මාවතක්’ වැඩපිළිවෙළ හා සම්බන්ධ රටවල් අතර පවතින ශිෂ්ටාචාර සංවාද තහවුරු කළ හැකි වෙතැයි හෙතෙම අපේක්ෂා පළ කළේය. ගෝලීය ශිෂ්ටාචාර මුලපිරුම අනුගමනය කිරීමට ද අපේක්ෂා කෙරේ. වෙනස් ශිෂ්ටාචාර අතර සුසංයෝගාත්මක පැවැත්ම තහවුරු කිරීමෙන් විවිධ රටවල ජනතාවට මිත්‍රශීලීත්වයේ එල්බ සිටිය හැකි වනු ඇති බව ද ෂී ජින්පිං මහතා සිය පණිවුඩයෙන් අපේක්ෂා පළ කරයි.

ගුවන් විදුලිය
20240501බදාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම