චීන මාධ්‍ය සමූහයේ අධ්‍යක්ෂ ජනරාල් Shen Haixiong මහතාට ආර්ජන්ටිනාවෙන් සම්මානයක්
2023-12-03 11:20:23
Share with:

චීන මාධ්‍ය සමූහයේ අධ්‍යක්ෂ ජනරාල් Shen Haixiong මහතාට ආර්ජන්ටිනාවේ "ජාත්‍යන්තර මානව හුවමාරු හා සහයෝගිතා පිළිබඳ විශිෂ්ට ජයග්‍රහණ සම්මානය" පිරිනැමේ.

"චීන-ආර්ජන්ටිනා මානව සහයෝගිතා ජයග්‍රහණ හුවමාරු ක්‍රියාකාරකම" දෙසැම්බර් 1 වන දින චීනයේ ආර්ජන්ටිනාවේ තානාපති කාර්යාලයේ පැවැත්විණ.

එම ක්‍රියාකාරකම අතරතුර, ආර්ජන්ටිනා රජය චීන කොමියුනිස්ට් පක්ෂයේ මධ්‍යම කාරක සභාවේ ප්‍රචාරක දෙපාර්තමේන්තුවේ උප ප්‍රධානි සහ චීන මාධ්‍ය සමූහයේ අධ්‍යක්ෂ ජනරාල් Shen Haixiong මහතාට ආර්ජන්ටිනාවේ “ජාත්‍යන්තර මානව හුවමාරු හා සහයෝගීතා පිළිබඳ විශිෂ්ට ජයග්‍රහණ සම්මානය" පිරිනැමීය. චීනයේ ආර්ජන්ටිනාවේ තානාපති Gustavo Sabino Vaca Narvaja මහතා එරට ජනාධිපති Alberto Fernández මහතා වෙනුවෙන් Shen Haixiong මහතාට එම සම්මාන පදක්කම පිරිනැමීය.

ආර්ජන්ටිනාව සහ චීනය අතර සංස්කෘතික හුවමාරුව ප්‍රවර්ධනය කොට දෙරටේ ජනතාව අතර මිත්‍රත්වය වැඩි දියුණු කිරීමට දායකත්වය දැක්වීම ඇගයීම සඳහා Shen Haixiong මහතාට එම සම්මාන පදක්කම පිරිනැමිණ.

ආර්ජන්ටිනාව එම සම්මානය පිරිනැමීමේ අරමුණ වන්නේ, ආර්ජන්ටිනාව සහ ලොව පුරා අනෙකුත් රටවල් අතර දේශපාලන අන්‍යෝන්‍ය විශ්වාසය වැඩි දියුණු කොට මානව හුවමාරුව ප්‍රවර්ධනය කිරීම සඳහා දායක වූ ජ්‍යෙෂ්ඨ විදේශ නිලධාරීන් හඳුන්වා දීමයි.

ගුවන් විදුලිය
20240501බදාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම